Search

වංචනිකව මුදල් ඉපයූ කාන්තාවගේ සිඩ්නි සුපිරි නිවසට සිදුවූ දේ

වංචනික ක්‍රියාවන් රැසකට සම්බන්ධ බවට චෝදනා එල්ලවී සිටින මෙලිසා කැඩික්ගේ සිඩ්නි පිහිටි සුඛෝපභෝගී නිවස හෙළිදරව් නොකළ මුදලකට අලෙවි කර තිබෙනවා.

මෙම සුඛෝපභෝගී මහල් නිවාසය ඇයගේ දෙමාපියන් විසිනුයි මීට පෙර අත්පත් කරගෙන සිටියේ.

මෙලිසා කැඩික් යනු මූල්‍ය සේවා බලපත්‍රයක් නොමැතිව මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා සුරැකුම්පත් සහ ආයෝජන කොමිෂන් සභාව විසින් කරන ලද පරීක්ෂණයක් හමුවේ 2020 වසරේ නොවැම්බර් මාසයේ සිට අතුරුදහන් වූ ඔස්ට්‍රේලියානු කාන්තාවක්.

ඇයගේ නිවස අලෙවියෙන් ලැබෙන වත්කම් කැඩික්ගේ ආයෝජකයින්ගේ මුදල් ආපසු ගෙවීමට යොදවනු ඇති බවයි වාර්තා වන්නේ.

49 හැවිරිදි මෙලිසා කැඩික්ට අයත් මෙම නිවාස සිඩ්නි හි නැගෙනහිර ප්‍රදේශයේ එජ්ක්ලිෆ් හි පිහිටා තිබෙනවා.

මෙම මහල් නිවාසය මීට පෙර ඩොලර් මිලියන 5.5කට අලෙවි කිරීම සඳහා පසුගිය 2023 වසරේ ඔක්තෝබර් 10 වෙනිදා වෙන්දේසියට ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් පසුව එය ඉවත් කර පුද්ගලිකව විකිණීම සඳහායි පියවර ගැනුණේ.

සුඛෝපභෝගී නිවස අලෙවි කළ මිල අනාවරණය කර නොමැති වුව ද එය ඩොලර් මිලියන 5 සීමාවට වඩා අඩු බවට විශ්වාස කෙරෙනවා.

මෙම මහල් නිවාසයේ කලින් පදිංචිව සිටියේ කැඩික්ගේ දෙමාපියන් වන ටෙඩ් සහ බාබරා ග්‍රිම්ලි වන අතර ඇය ඩොලර් මිලියන 2.55ක් ගෙවා 2016 වසරේදී දර්ශනීය දර්ශන සහිත මෙම මහල් නිවාසය මිලදී ගෙන තිබුණා.

දෙමව්පිය යුවළ පසුව පැවසුවේ තමන් මිය යන තෙක් කුලියක් නොගෙවා එහි ජීවත් විය හැකි කොන්දේසිය මත මෙම මහල් නිවාසයට ඩොලර් මිලියන 1.2 කට ආසන්න මුදලක් ගෙවා ඇති බවයි.

නමුත් අවසානයේදී, කැඩික්ගේ දේපළවලින් ඩොලර් 950,000ක ගෙවීමක් සඳහා එකඟ වීමෙන් පසු ඔවුන් නිවසින් පිටවී යාමට එකඟවී තිබෙනවා.

ස්වයං මූල්‍ය උපදේශකයෙකු වන කැඩික්, ආයෝජන වංචාවක් හරහා පවුලේ අයගෙන් සහ මිතුරන්ගෙන් වංචා කළ ඩොලර් මිලියන 23ක පමණ මුදලින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ බව සඳහන්.

49 හැවිරිදි ඇය 2020 නොවැම්බර් මාසයේදී අතුරුදහන් වූයේ සිඩ්නි හි පිහිටි මෙම සුඛෝපභෝගී නිවස විමර්ශකයින් විසින් වටලා දින කිහිපයකට පසුවයි.

පසුව ඇය මියගොස් ඇතැයි අනාවරණ වන සිරුරු කොටස් කිහිපයක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වෙරළකින් හමුවුද මෙතෙක් ඒ සම්බන්ධ නිශ්චිත තොරතුරක් හෙළිවී නැහැ.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »