ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 65ට වැඩි ජනගහණය ඉදිරි වසර 20 තුළදී සියයට 50කින් එනම් ලක්ෂ 20කින් පමණ ඉහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.
ඒ අනුව 2041 වසර වනවිට එම වයස් කාණ්ඩයේ සමස්ත ජනගහණය ලක්ෂ 67කට ආසන්න වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.
දැනට එය පවතින්නේ මිලියන 4.3ක් ලෙසයි.
මේ අතරට අයත් වන වයස අවුරුදු 85ට වැඩි ජනගහණය දැනට පවතින 534,000 සිට 2041 වසර වනවිට මිලියන 1.3ක් හෙවත් සියයට 140කින් පමණ වැඩි වනු ඇති බවටද තක්සේරු කර තිබෙනවා.
පසුගිය වසරේ සංගණනයට අනුව ඔස්ට්‍රේලියාවේ ජනගහණය සටහන් වූයේ මිලියන 25.7 ක් ලෙසයි.
2041 වසරේදී එය මිලියන 32ක් දක්වා ඉහළ යනු ඇති බවටද අනාවැකි පළවනවා.