අනවසර සංක්‍රමණික මරණ වැඩිවීම නිසා අර්බුධයක්

කුඩා බෝට්ටුවලින් ප්‍රංශයට පැමිණීමට උත්සාහ කරන පුද්ගලයින් අතර සිදුවන මරණ සංඛ්‍යාව ලෙස ඉහළ යාම පිළිබඳව ප්‍රංශ පොලිසිය අනතුරු අඟවා තිබෙනවා.

2023 වසරේ අනවසර සංක්‍රමණිකයන් 12 දෙනෙකු දියේ ගිලීමෙන් මරණයට පත්වී ඇති අතර මේ වසරේ දැනටමත් පුද්ගලයින් නව දෙනෙකු එලෙස මිය ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ප්‍රංශයේ ඇළකදී අනවසර සංක්‍රමණික ජාවාරම්කරුවෙකුගේ බෝට්ටුවක් පෙරලීමෙන් 7 හැවිරිදි ඉරාක දැරියක් ජිවිතක්ෂයට පත්වීම එහි අලුත්ම සිදුවීමයි.

ඉහළ යන මරණ සංඛ්‍යාව සහ එහි වගකීම සම්බන්ධයෙන් මේ වන විට විවාදාත්මක තත්වයක් ද මතුවෙමින් ඇති බවයි වාර්තා වනවා.

ප්‍රංශ පොලිසිය පවසන්නේ ජාවාරම් කල්ලි විසින් විශාල පිරිසක් රැගෙන යා නොහැකි බෝට්ටුවල පවා සංක්‍රමණිකයන් රැගෙන එමින් සිටින අතර එම තත්වය මත අනතුරු ඉහළ ගොස් ඇති බවයි.

මෑත මාසවලදී, ඉරාකය, සුඩානය, වියට්නාමය සහ වෙනත් රටවලින් සංක්‍රමණිකයන් විශාල පිරිසක් ප්‍රංශයට පැමිණීමේ අරමුණින් සිය ජිවිත අවදානමකට ලක් කර තිබෙනවා.

ජාවාරම්කරුවන් චීනයේ නිෂ්පාදිත අතිශයින් දුර්වල තත්ත්වයේ බෝට්ටු වැඩි වශයෙන් මෙවැනි ගමන්වලට යොදාගෙන ඇති බවයි ප්‍රංශ ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »