ජීවන වියදම නිසා වැඩිහිටියන් දැඩි පීඩනයක

ජීවන වියදම සීඝ්‍රයෙන් ඉහළයාම හමුවේ ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි ජනගහණයෙන් සියයට 80ක් පමණ දැඩි පීඩනයකට ලක්ව ඇතැයි නවතම සමීක්ෂණයකදී අනාවරණ වී තිබෙනවා.

ඉදිරි මාස 12 තුළදී මෙම අගය තවත් ඉහළ යා හැකි බවටයි අනතුරු ඇඟවෙන්නේ.

සමස්ත ඔස්ට්‍රේලියාවම ආවරණය වන පරිදි තෝරාගත් වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයන් 5,700 දෙනෙකු ආශ්‍රිතව ලබාගත් තොරතුරු මගින් මෙම වාර්තාව එළි දක්වා තිබෙනවා.

ආහාර මිළ – ඉන්ධන ඇතුලු බලශක්ති ගාස්තු සහ සෞඛ්‍ය වියදම් ප්‍රධාන ගැටලු ලෙස මෙහිදී හඳුනාගෙන ඇති අතර නිවාස ප්‍රශ්නය ද අවධානය යොමු කළ යුතු කරුණක් ලෙසයි සමීක්ෂණයට දායකවුවන් විසින් පෙන්වා දී ඇත්තේ.

දුෂ්කර ප්‍රදේශවල වාසය කරන ජනතාව සහ අඩු ආදායම්ලාභින් මෙහි වැඩිම බලපෑම එල්ල වී ඇති පිරිස බවට හඳුනාගෙන තිබෙනවා.

දැනට මාර්තු සහ සැප්තැම්බර් වලදී සිදුකරන විශ්‍රාම වැටුප් ඉහළ දැමීම් වෙනුවට කාර්තුවකට වරක් එනම් වසරකට අවස්ථා 04 කදී එය සිදුකල යුතු බවටයි මෙම වාර්තාව නිර්දේශ කර ඇත්තේ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »