
සිඩ්නි නගරයේ කුලී නිවාසවල සමස්ත පුරප්පාඩු අනුපාතය වාර්තාගත මට්ටමක් දක්වා පහත වැටී ඇතැයි අනාවරණ වී තිබෙනවා.
මෙම තත්වය මත කුලී නිවසක් සොයමින් සිටින බොහෝ පිරිසකගේ බලාපොරොත්තු අවාසනාවන්ත ලෙස සුන්වී ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
සදර්ලන්ඩ් (Sutherland) මීනායි (Menai) හීත්කෝට් (Heathcote) කැම්ඩන් (Camden) බෑන්ක්ස් ටවුන් (Bankstown) සහ කැටන්බරි (Canterbury) ප්‍රදේශවල කුලී නිවාස පුරප්පාඩු පසුගිය පෙබරවාරි මාසය වන විට සීග්‍රයෙන් පහත ගොස් තිබෙනවා.

ඩොමේන් හි නව දත්තවලට අනුව සමස්ත ඔස්ට්‍රේලියාව පුරා පුරප්පාඩු අනුපාතය සියයට 0.7ක නව වාර්තාගත අවම මට්ටමකට පැමිණ ඇතැයි සඳහන්.
ඇඩිලේඩ් සහ හොබාර්ට් හැර අනෙකුත් සියලුම අගනගරවල පුරප්පාඩු අනුපාත පෙබරවාරි මාසය පුරා පහත වැටී තිබුණා.

සමස්තයක් ලෙස එම කාලය තුළ සිදුවී ඇත්තේ සියයට 0.8ක පමණ අඩු ප්‍රමාණයක නිවාස සැපයුමක් පමණයි.
කෙසේවෙතත් සිඩ්නි හි විකිණීමට ඇති දේපල ඉල්ලුම තවමත් අඩුවී නොමැති අතර පෙබරවාරි මාසයේදී නිවාස මිල සියයට 0.5කින් සහ පසුගිය වසර තුළ සියයට 10.6 කින් ඉහළ ගොස් තිබෙනවා.
ගැනුම්කරුවන්ට වියදම් කිරීමට හැකි බවට සිතීමත් සමඟ විකුණුම්කරුවන් මිල ගණන් ඉහළ නංවන බවයි සඳහන් වන්නේ.