මෙල්බන් නුවර තරුණියට වෙඩි තැබූ සිද්ධිය ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්

මෙල්බන් නුවරදී තම මවට තියුණු ආයුධයකින් පරදුන් කාන්තාව මැඩපැවැත්වීම සඳහා ඇයට වෙඩි තැබීම හැර වෙනත් විකල්පයක් නොතිබූ බව වික්ටෝරියා පොලිසිය පවසනවා.

සැකකාර තරුණියට වෙඩි තැබූ නිලධාරීන් නිසි පියවර අනුගමනය කර ඇති බවයි වික්ටෝරියා පොලිසියේ වැඩබලන අධිකාරි ස්කොට් කොල්සන් සඳහන් කළේ.

ඊයේ සවස මෙම සිදුවීම වාර්තා වූ අතර සැකකාර 20 හැවිරිදි තරුණියගේ පහරදීමෙන් ඇයගේ මව එම ස්ථානයේදීම මරණයට පත්වුණා.

අද මාධ්‍ය අමතමින් වැඩබලන අධිකාරී ස්කොට් කොල්සන් පැවසුවේ ඊයේ සවස 6.30 ට පමණ දියණියක් තම මවට ගිනි තබන බවට මොන්ට්මෝර්න්සි පදිංචිකරුවන්ගෙන් තොරතුරු ලැබී තිබු බවයි.

එම තොරතුරට අනුව එහි ගිය පොලිසියට දැක ගැනීමට ලැබී ඇත්තේ සැකකාර තරුණිය තියුණු ආයුධයකින් තම මවට පහරදී ඇති ආකාරයයි.

පිහිය අතහරින ලෙස පොලිසිය සැකකාරියගෙන් ඉල්ලා තිබුණ ද ඇය දිගින් දිගටම මවට පහරදීම හමුවේ ඇයට වෙඩි තැබීම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවු බව පොලිසිය සඳහන් කළා.

මෙම සිදුවීමෙන් කාන්තාවන් දෙදෙනාම එම ස්ථානයේදී මියගිය අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »