ලෝකයේ වඩාත්ම ඵලදායී ලෙස කොරෝනා වසංගතය හැසිරවු රටවල් අතරින් නවසීලන්තය පළමු තැනට​! ඕස්ට්‍රේලියාවට සහ ශ්‍රී ලංකාවට හිමි වන ස්ථාන මෙන්න​.

නව විශ්ලේෂණයකින් හෙළි වී ඇත්තේ නවසීලන්තය ලෝකයේ වෙනත් කිසිදු රටකට වඩා කොරොනා වයිරස් වසංගතය වඩාත් ඵලදායී ලෙස හසුරුවා ඇති බවයි.

ඕස්ට්‍රේලියාවේ ලෝවි ආයතනය විසින් මෙලෙස රටවල් 100 කට ආසන්න සංඛ්‍යාවක කොරෝනා වයිරසයට එරෙහිව ප්‍රතිචාර දැක්වීම​ පිළිබඳ දත්ත එකතු කර මෙම ශ්‍රේණි ගත කිරීම සිදු කොට ඇත​.

පර්යේෂකයෝ සෑම රටකම වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන​, මරණ ප්‍රමාණය සහ දියත් කෙරුනු කොරෝනා පරීක්‍ෂණ ගණන පිළිබඳ දත්ත රැස් කර ඇත​.

මෙම ශ්‍රේණි ගත කිරීම් වලට අනුව​ නවසීලන්තය පළමු ස්ථානයට පත්වූ අතර, වියට්නාමය, තායිවානය සහ තායිලන්තය පිළිවෙලින් දෙවන, තෙවන හා සිව්වන ස්ථාන වලට පත්විය.

ඕස්ට්‍රේලියාව ද ප්‍රබල ලෙස කොරෝනා වසංගතය හමුවේ ක්‍රියා කළ අතර ලෝවි ආයතනය විසින් ඕස්ට්‍රේලියාව අටවන ස්ථානයට නම් කර ඇති අතර ශ්‍රී ලංකාව 10 වන ස්ථානයට පත් ව ඇත​.

අමෙරිකා එක්සත් ජනපදය මෙම ලැයිස්තුවේ පහතින් 94 වන ස්ථානයේ රැඳී සිටී. ඉන්දුනීසියාව සහ ඉන්දියාව පිළිවෙලින් අංක 85 සහ 86 යන ස්ථානවලට හිමිකම් කියයි.

මෙම​ ආයතනයේ Herve Lemahieu පැවසුවේ කුඩා රටවල් සාමාන්‍යයෙන් විශාල රටවලට වඩා කොරෝනා වසංගතය​ වඩා ඵලදායී ලෙස විසඳා ඇති බවයි.

සම්පූර්ණ ලැයිස්තුව​: https://interactives.lowyinstitute.org/features/covid-performance/#region

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »