Search

තිදරු මවගේ අතුරුදන්වීමට ඇල්ලූ තරුණයා ගැන තවත් තොරතුරු හෙළිවෙයි

බැලරට් ප්‍රදේශයේ සමන්තා මර්ෆිගේ අතුරුදන් වීමට අදාළව අත්අඩංගුවට ගත් සැකකර තරුණයාගේ මෝටර් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අතුරුදහන් වූ මෙම තිදරු මව ඝාතනය කිරීම සම්බන්ධයෙන් 22 හැවිරිදි තරුණයාට පොලිසිය විසින් චෝදනා එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව සැකකරුගේ මෝටර් රථයේ ගැටී ඇත්දැයි සොයා බැලීම සඳහා විමර්ශනයේ කොටසක් ලෙස එය පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු බැලරට් සිට මෙල්බර්න් හි බන්ධනාගාරයකට ගෙන ගොස් තිබෙනවා.

මිනීමැරුම් චෝදනාව එල්ල වුව ද කාන්තාවගේ සිරුර තිබෙන ස්ථානයක් පැවසීමට සැකකරු පොලිසිය සමඟ සහයෝගයෙන් කටයුතු නොකර බව ද හෙළිවී තිබෙනවා.

සැකකාර තරුණයා කුඩා කාලයේ අධ්‍යාපනය ලැබූ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් ප්‍රාථමික පාසලේ නිල ඇඳුම් සාප්පුවේ ස්වේච්ඡා සේවිකාවක ලෙස අතුරුදන්වූ මර්ෆි සේවය කරමින් සිටි බව සඳහන්.

පැට්‍රික් ස්ටීවන්සන් බදාදා අත්අඩංගුවට ගනු ලැබුවේ තම පෙම්වතිය බැලරට් පිහිටි නිවසක සිටියදීයි.

සමන්තා මර්ෆි පෙබරවාරි 4 වනදා මවුන්ට් ක්ලියර්හි නිවසින් ව්‍යායාම සඳහා පිටත්ව ගිය අතර මෙතෙක් ඇය සම්බන්ධයෙන් කිසිදු නිශ්චිත තොරතුරක් හෙළිවී නැහැ.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »