සිඩ්නි භූ කම්පනයෙන් සිදු වූ හානිය හෙළිවෙයි

සිඩ්නි නගරයට බටහිර දෙසින් වාර්තා වූ රික්ටර් මාපක 3.6ක ප්‍රභලත්වයෙන් යුත් භූ චලනයෙන් පසු නිවාස දෙකකට හානි සිදු වී ඇතැයි මේ වන විට අනාවරණ වී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ 8.53ට පමණ මෙම භූමිකම්පාව සිදුවී ඇති බව ඔස්ට්‍රේලියාවේ භූ විද්‍යා කාර්යාංශය තහවුරු කරන ලද අතර, එහා පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර අටක් පමණ ගැඹුරින් සිදු වූ බව සඳහන්.

කම්පන තත්වය සිල්වඩේල් (Silverdale), ඔර්චර්ඩ් හිල්ස් (Orchard Hills) සහ බ්ලු මවුන්ටන්ස් (Blue Mountains) ප්‍රදේශවලට දනී තිබෙනවා.

පුද්ගලයන් 3000 කට ආසන්න සංඛ්‍යාවක් තමන්ට කම්පන දැනුණු බව පවසමින් ඒජන්සියට වාර්තා කර ඇතැයි ද සඳහන්.

භූ කම්පනයෙන් නිවාස දෙකට බරපතල අලාභ හානියක් සිදුවි නොමැති අතර එක් නිවසක වහලයේ උළු කඩා වැටී අතර අනෙක් නිවසෙහි බිත්ති ඉරිතලා ගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය විසින් නිල වශයෙන් තහවුරු කළේ භූමිකම්පාවෙන් පසු සුනාමි තර්ජනයක් නොමැති බවයි.

වයඹ දිග සිඩ්නි කලාපයේ ඇතැම් ප්‍රදේශවලට එය දැනුණු බව ජනතාව කියා සිටි අතර නැගෙනහිර සිඩ්නි හි බොන්ඩි සහ මධ්‍යම වෙරළ තීරයේ පිරිස් ද මෙම කම්පනය දැනුණු බව ප්‍රකාශ කළා.

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »