පාසැලේදී ගණිතය අසමත් වූ ඔස්ට්‍රේලියා සිසුවා ගණිතයෙන් ලෝක වාර්තාවක් තැබීමට සූදානම්

විනාඩි 40කට වඩා අඩු කාලයකදී ඉලක්කම් 40කින් යුත් සංඛ්‍යා දෙකක් මනසින් ගුණ කිරීම ඉලක්ක කර ගත් ලෝක වාර්තාවක් පිහිටුවීමට ඔස්ට්‍රේලියාවේ පුද්ගලයෙක් සූදානම් වනවා.

ඔහු පාසලේදී ගණිතය අසමත් අයෙකු වීම විශේෂත්වයක්.

පෙපේ කින්ග් නම් (Pepe King) 52 හැවිරිදි මෙම පුද්ගලයා ප්‍රකාශ කළේ තමා සෑම අංකයක්ම සෑම අංකයකින්ම ගුණ කරන අතර ඒවා සියල්ලම එකවර එකතු කර ප්‍රතිඵලය පෙන්වන බවයි.

1861 වසරේදී මෙම ලෝක වාර්තාවව පිහිටුවා ඇත්තේ සචරි ඩේස් නම් අයෙක් වන අතර එය අභිබවා යාමයි ඔහුගේ උත්සාහය වී ඇත්තේ.

ඔස්ට්‍රේලියානු වාර්තා කමිටුවේ සම-නිර්මාතෘ හෙලන් ටේලර් පැවසුවේ කිංග්ට දුර්ලභ හැකියාවක් ඇති බව සහ ඔහුගේ අධිෂ්ඨානයට ගැලපෙන හැකියාවක් ඇති බවයි.

කිංග්ගේ වාර්තාගත උත්සාහය සඳහා සූදානම් වීමට සතියකට දින හයක් දිනකට දෙවරක් ඉලක්කම් 40 කින් යුත් සංඛ්‍යා දෙකක ගුණ කිරීම ඇතුළත් වනවා.

පාසලේදී අධ්‍යාපනය ලබා දුන් ආකාරයෙන් එය සිදු කිරීමට ගිය හොත් දින කිහිපයක් තුළ පියවර 40,000ක් පමණ අනුගමනය කිරීමට සිදු වුව ද මනසින් සකස් කර ගත් ක්‍රමවේදයක් හමුවේ ඔහු එය පියවර 1,600ක් දක්වා අඩු කිරීමට සමත් වී තිබෙනවා.

පාසලේදී විෂයන් රැසක් අසමත් වූ තමා ගණිතයට කිසිදු දිනක දක්ෂ නොවූ බවයි පෙපේ කින්ග් කියා සිටියේ.

එබැවින් ගණිතමය තොරතුරු සැකසීමට අපහසු වූ අතර ඔහු එම අවධානය වෙනතකට යොමු කර මනසින් ගණිත ගැටලු විසඳීමට උත්සහ කර තිබෙනවා.

සංඛ්‍යා සමඟ ඇති මෙම හැකියාව සොයා ගැනීම අහම්බයක් වූ අතර එය අනාවරණ වන තෙක් වසර ගණනාවක් තිස්සේ ප්‍රයෝජනයට ගෙන තිබුණේ නැහැ.

2011 වසරේදී, මිතුරෙකුගේ උපන් දිනයක් සම්බන්ධ සාකච්ඡාවකදී ඔහු උපත ලබා ඇත්තේ බදාදා දිනයක බවට මෙම පුද්ගලයා හෙළි කර ගෙන තිබෙනවා.

තමාට ගණිතමය හැකියාවක් ඇති බැවින් එය තවදුරටත් අධ්‍යනය කළ යුතු බවට ඔහු වටහාගෙන ඇත්තේ එම අවස්ථාවේදීයි.

ඊළඟ වසරේ ඔහු මයින්ඩ් ස්පෝර්ට්ස් ඔලිම්පියාඩ් (Mind Sports Olympiad) උළෙලට ද සුදුසුකම් ලබා හොඳින් දස්කම් දැක් වූ අතර ඔස්ට්‍රේලියානු ගණිත වාර්තා හතරක් ද පිහිටුවාතිබෙනවා.

ඉලක්කම් අටකින් යුත් සංඛ්‍යා දෙකක් තත්පර 54කින් ගුණ කිරීම සහ ඉලක්කම් 20කින් යුත් අංක දෙකක් මිනිත්තු 5යි තත්පර 29කින් ගුණ කිරීම සඳහා වන වේගවත්ම කාලයේ වාර්තාවට පෙපේ කිං හිමිකම් කියනවා. එමෙන්ම කැලැන්ඩර ගණනය කිරීමේ ජාතික වාර්තාවද ඔහු සතුයි.

වසර 1600 සහ 2100 අතර අහඹු දිනයන් ලබා දෙන එම තරගයේදී අදාළ දිනය වැටෙන්නේ සතියේ කුමන දිනයට දැයි ගණනය කළ යුතු වන අතර මෙම පුද්ගලයා විනාඩියකින් ඉන් 42 ක් නිවැරදිව සඳහන් කර තිබෙනවා.

මෙවැනි ගණිත සමීකරණවලට මුහුණ දීමේ දෛනික ක්‍රියාදාමය තම කාංසාව වැනි අභියෝගවලට විසඳුම් සෙවීමට ද උපකාර වී ඇති බව ඔහු ප්‍රකාශ කළා.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

Qantas සමාගමේ ගුවන් ගමන්වල වෙනසක්

මැදපෙරදිග ඇතැම් ප්‍රදේශවලට පියාසර කිරීම වළක්වා ගැනීම සඳහා පර්ත් සහ ලන්ඩන් අතර ඍජු ගුවන් ගමන් මාර්ගය යළි ආරම්භ කිරීමට ක්වන්ටාස් සමාගම සැලසුම් කර තිබෙනවා.

Read More »