Search

WhatsApp පණිවුඩයක් නිසා 22 හැවිරිදි තරුණයෙකුට මරණ දඬුවම

WhatsApp පණිවිඩ මගින් ආගමට අපහාස කිරීමේ චෝදනාව මත පකිස්ථානයේ 22 හැවිරිදි සිසුවෙකුට එරට අධිකරණයක් මරණ දඬුවම නියම කර තිබෙනවා.

පන්ජාබ් පළාතේ අධිකරණ වාර්තා පැවසුවේ මෙම සිසුවා මුස්ලිම්වරුන්ගේ ආගමික හැඟීම්වලට අපහාස කිරීමේ අරමුණින් අපහාසාත්මක පින්තූර සහ වීඩියෝ WhatsApp හරහා හුවමාරු කර ඇති බවයි.

එම නඩුවේදීම තවත් 17 හැවිරිදි තරුණයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී ඇති අතර මෙම දෙදෙනාම තමන්ට එල්ලවූ චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

2022 වසරේදී ලාහෝර් හි ෆෙඩරල් විමර්ශන ඒජන්සියේ සයිබර් අපරාධ ඒකකය විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබුණා.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවන් කියා සිටියේ මුහම්මද් නබි තුමන් සහ ඔහුගේ භාර්යාවන් පිළිබඳ අපහාසාත්මක වචන අඩංගු ඡායාරූප සහ වීඩියෝ සකස් කිරීම සම්බන්ධයෙන් තරුණයාට මරණ දඬුවම නියම කළ බවයි.

සිසුන් දෙදෙනා වැරදි නඩුවකට කොටු කර ඇති බවට විත්තියේ නීතිඥයින් තර්ක කළ අතර මරණ දණ්ඩනය නියම වූ සිසුවාගේ පියා පැවසුවේ තමන් මෙම තීන්දුවට එරෙහිව ලාහෝර් මහාධිකරණයට අභියාචනයක් ගොනු කරන බවයි.

අනෙක් සිසුවාට මරණ දඬුවම වෙනුවට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇත්තේ ඔහු බාලවයස්කාර අයෙකු වීම හේතුවන් බව අධිකරණය සඳහන් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ පාකිස්ථානයේ ආගමට අපහාස කිරීම මරණීය දණ්ඩනයට යටත් වන අතර එවැනි කටයුතුවල නිරත වූ ඇතැමුන් නඩු විභාග ආරම්භ වීමටත් පෙර ඝාතනය කර ඇති බවයි.

ආගමික අපහාසයට එරෙහි නීති ප්‍රථම වරට ඉන්දියාවේ සිටි බ්‍රිතාන්‍ය පාලකයන් විසින් කෙටුම්පත් කරන ලද අතර ඒවා 1980දී පකිස්ථානයේ හමුදා රජය යටතේ තවදුරටත් පුළුල් කෙරුණා.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »