ඔස්ට්‍රේලියාවේ රැකියා කරන ඔබත් අයිති වෙන්නේ මේ කාණ්ඩයට ද?

රැකියා කිහිපයක නිරත වන ඔස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාව සියයට 6.7 දක්වා ඉහළ ගොස් ඇතැයි නවතම සංඛ්‍යාලේඛන මගින් අනාවරණ වී තිබෙනවා.

2023 දෙසැම්බර් දක්වා ගත වූ මාස තුනක කාලය තුළ රැකියා කිහියයක් කරන ඔස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාව සියයට 1.4කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් ඊයේ නිකුත් කරන ලද දත්ත වලට අනුව, ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 6.7ක් මේ වන විට විවිධ රැකියාවල නිරත වෙමින් සිටිනවා.

එම කාර්යාංශයේ කම්කරු සංඛ්‍යාලේඛන ප්‍රධානියා සඳහන් කළේ මෙම තත්වය මත රැකියා පුරප්පාඩු සංඛ්‍යාව සියයට 13 කින් පහත වැටී ඇති බවයි.

රැකියා කිහිපයක නිරත වන විශාල පිරිසක් සිටින වයස් කාණ්ඩය වන්නේ අවුරුදු 20ත් 24ත් වන අතර එය සියයට 8.4ක්.

දත්තවලට අනුව ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගෙන් සියයට 7.5ක් ද බහු රැකියාවල නිරත වෙමින් සිටිනවා.

ප්‍රජා සේවාවන්වල සේවය කරන පුද්ගලයින් වෙනත් අමතර රැකියාවක් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර, එම කර්මාන්තයේ සිටින පුද්ගලයින්ගෙන් සියයට 10කට රැකියා එකකට වඩා ඇති බව සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »