මෙල්බන් ඇතුලු වික්ටෝරියා ප්‍රාන්ත ජනතාවට විශේෂ උපදෙසක්

උණුසුම් කාලගුණික තත්ත්වය සහ ලැව් ගිනි අවදානම හේතුවෙන් හැකි තරම් නිවසේ රැඳී සිටීමට පියවර ගන්නා ලෙස වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් ජනතාවට උපදෙස් ලබාදී තිබෙනවා.

අද වික්ටෝරියා ප්‍රාන්තයට සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශවලට ලැව්ගිනි අවදානමක් පවතින බවටයි කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකථනය කර ඇත්තේ.

මේ හේතුවෙන් පිච් මියුසික් ඇන්ඩ් ආර්ට් ෆෙස්ටිවල් (Pitch Music and Arts Festival) වෙත යන පිරිසට සැලකිලිමත් වන ලෙසටයි ඔස්ට්‍රේලියාවේ ගිනි නිවීම් සේවය දැනුම් දෙන්නේ.

අද මෙල්බර්න් නුවර සෙල්සියස් අංශක 39ක සුළං සහිත දැඩි උණුසුම් කාලගුණයක් ඇති වන අතර ඇඩිලේඩ්හි අංශක 40ක පමණ ඉහළ උෂ්ණත්ව අගයක් අපේක්ෂා කෙරෙනවා.

එළිමහනේ පැවැත්වෙන උත්සව සඳහා සහභාගී වීමේදී මෙන්ම මෙම සති අන්තයේ සංචාරය කරන ප්‍රදේශවල ලැව්ගිනි අවදානම පිළිබඳව ජනතාව දැනුවත්ව සිටිය යුතු බවයි ප්‍රධාන ගිනි නිවීම් නිලධාරී ජේසන් හෙෆර්නන් පැවසුවේ.

ලැව්ගිනි අවදානම් ප්‍රදේශ හරහා ගමන් කිරීම සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට නිර්දේශ කර අතර එම අවදානම් ප්‍රදේශවලින් පිටවීම ආරක්ෂිතම විකල්පය බව දැනුම් දෙනවා.

ලැව්ගිනි ඇති වුව හොත් එය ඉතා ඉක්මනින් පැතිර යන අතර අතිශයින් භයානක වනු ඇති බවටයි අනතුරු අඟවා ඇත්තේ.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »