සිඩ්නි නුවර ආසන්නයේ ප්‍රබල භූ චලනයක්

සිඩ්නි නගරයට බටහිර දෙසින් පිහිටි බ්ලූ මවුන්ටන්ස් ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 3.6ක ප්‍රබල භූ චලනයක් සිදු වී තිබෙනවා.

ඊයේ රාත්‍රී 8.53ට පමණ බ්ලූ මවුන්ටන් ජාතික වනෝද්‍යානයේ කිලෝමීටර් 9ක් පමණ අභ්‍යන්තරයේ සිදු වූ මෙම කම්පනය විශාල පිරිසකට දැනී ඇති බවයි වාර්තා වන්නේ.

භූ කම්පන විද්‍යාඥයෙක් සඳහන් කර ඇත්තේ භූමිකම්පාව ප්‍රබල ලෙස සටහන් වුව ද එය සාපේක්ෂව දුර්වල එකක් බවයි.

භූමිකම්පාව දැනුණු පුද්ගලයින් 3000කගෙන් පමණ ඒජන්සියට වාර්තා ලැබී ඇති බව ඔස්ට්‍රේලියා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර තිබෙනවා.

මෙමගින් ඔස්ට්‍රේලියාවට සුනාමි තර්ජනයක් නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් ඒකාබද්ධ ඔස්ට්‍රේලියානු සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

භූ කම්පනයේ අත්දැකීම ලැබූ අයෙක් සඳහන් කළේ මුලින්ම සුනඛයන් බිරීමට පටන් ගත් අතර අනතුරුව මාර්ගයේ ඈතින් එන රථ පෙළක ශබ්දයක් මෙන් ඇසුණු බවයි.

කෙසේවෙතත් එම හඬ සහ කම්පනය ඉක්මනින් අවසන් වූ බව ද ඔහු ප්‍රකාශ කළා.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත හදිසි සේවා ප්‍රකාශ කළේ හානියක් පිළිබඳ කිසිදු වාර්තාවක් හෝ උපකාර සඳහා ඇමතුම් ලැබී නොමැති බවයි.

තමන් භූ කම්පනය වාර්තා වූ ප්‍රදේශවල මුර සංචාරයේ යෙදී සිටින නමුත් තුවාල හෝ හානියක් පිළිබඳ කිසිදු වාර්තාවක් ලැබී නොමැති බව පොලිසිය ෆේස්බුක් සටහනක සඳහන් කර තිබෙනවා.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »