මෙල්බන් නුවරදී ඝාතනයක් කළ තරුණියක් පොලිස් වෙඩි තැබිමෙන් මියයයි

මෙල්බර්න්හි ඊසානදිග ප්‍රදේශයේදී සිදු වූ කලහකාරී සිදුවීමක් අතර කාන්තාවන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා.

කාන්තාවක් තවත් කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දීමේ සිද්ධියකදී ලෝවර් ප්ලෙන්ටි ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් සැකකාර කාන්තාවට වෙඩි තබා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එම පොලිස් වෙඩි පහරින් සැකකාර කාන්තාව මරණයට පත්වූ අතර ඇයගේ පහරදීමට ලක්වූ 50 හැවිරිදි කාන්තාව ද එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

වික්ටෝරියා පොලිසිය සඳහන් කළේ ඊයේ සවස 6.30ට පමණ ලෝවර් ප්ලෙන්ටි ප්‍රදේශයේ අවුරුදු 20ක කාන්තාවක් 50 හැවිරිදි තවත් කාන්තාවකට පහර දෙන බවට වාර්තා වීමෙන් පසු නිලධාරීන් එම ස්ථානයට පැමිණි බවයි.

එහිදී පිහියකින් සන්නද්ධව සිටි 20 හැවිරිදි කාන්තාව පොලිස් නිලධාරීන්ට ද තර්ජනය කර ඇති අතර එහිදී ඇය මැඩපැවැත්වීම වෙනුවෙන් පොලිසිය කළ වෙඩි තැබීමෙන් ඇය එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පරීක්ෂකයින් විමර්ශන සිදු කරන අතර මියගොස් ඇති දෙදෙනා එකිනෙකා හඳුනන අය බවටයි විශ්වාස කෙරෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වෙනත් කිසිවෙකු සැක නොකරන අතර පුද්ගල ඝාතන ඒකකය පරීක්ෂණ සිදු කරනවා.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »