මෙල්බන් අවට ප්‍රදේශ කිහිපයකට සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

මෙල්බර්න් නුවර අවටින් සරම්ප රෝගීන් පිරිසක් අනාවරණය වීමත් සමග සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

පසුගිය සති දෙක තුළ Melbourne අවටින් සරම්ප රෝගීන් 5 දෙනෙකු හඳුනා ගැනීමෙන් පසුවයි වික්ටෝරියා සෞඛ්‍ය නිලධාරීන් මහජනතාවට මෙලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත්තේ.

මෙම රෝගීන් පස්දෙනා පෙබරවාරි 19 සහ මාර්තු පළමුවනදා අතර කාලය තුළ මෙල්බර්න් සහ ඒ අවට ප්‍රදේශවල ගැවසීම මෙලෙස අනතුරු ඇඟවීමට හේතු වී ඇතැයි සඳහන්.

මෙල්බර්න් ගුවන්තොටුපළේ ජාත්‍යන්තර සහ දේශීය පර්යන්තවල, විවිධ ගුවන් ගමන්වල සහ මෙල්බර්න් අවට ස්ථාන ගණනාවක සිටි පුද්ගලයින්ට සරම්ප රෝගයේ රෝග ලක්ෂණ පිළිබඳ නිරීක්ෂණයෙන් පසුවන ලෙසට උපදෙස් දී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ හඳුනාගෙන ඇති සරම්ප රෝගීන් දෙදෙනෙකුම මෑතකදී පැමිණි විදේශ සංචාරකයන් බව සඳහන්.

එම සංචාරකයින්ගෙන් එක් අයෙකු සිඩ්නි වෙත පියාසර කිරීම හේතුවෙන් නිව් සවුත් වේල්ස් හි තවත් සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ද හේතු වුණා.

වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ අදාළ දිනවල පහත සඳහන් ස්ථානවල සිටි ඕනෑම අයෙකු වෛරසයට නිරාවරණය වී ඇති අතර රෝග ලක්ෂණ නිරීක්ෂණය කළ යුතු බවයි:

  • Monday February 19 – Singapore Airlines Flight SQ217 from Singapore to Melbourne
  • Monday February 19 – Melbourne Airport – International Arrivals, Terminal 2 between 9:40 and 11:10pm
  • Tuesday 27 February – Melbourne Airport – Domestic Departures, Terminal 3 between 6:50 and 7:45am
  • Tuesday February 27 – Virgin flight VA815 from Melbourne to Sydney
  • Tuesday February 27 –  Qantas flight QF483 from Sydney to Melbourne
  • Tuesday February 27 – Melbourne Airport – Domestic Arrivals, Terminal 1
  • Wednesday February 28 – Craigieburn Post Office between 11:15am and 12:30pm
  • Wednesday February 28 – The Monash Merchant Food and Grocery Store between 7:00 to 7:55pm
  • Thursday February 29 – Monash University Building 76 (STRIP2 School of Biomedical Sciences) between 10:30am and 3:00pm
  • Thursday February 29 – Monash University, Cafe Cinque Lire between 11:45am and 12:15pm
  • Thursday February 29 – The Monash Merchant Food and Grocery Store between 7:00 and 7:55pm
  • Friday March 1 – Woolworths, Clayton M City between 9:00 and 10:00pm

    Friday March 1 – Woolworths, Better Choice Werribee Petrol Station, President Park between 5:00 and 5:30pm

වෛරසයට එරෙහිව එන්නත් ලබා නොගත් ඕනෑම අයෙකු වැඩි අවදානමක් ඇති අය ලෙස සලකන අතර එන්නත් නොකළ ළදරුවන්ට සරම්ප වැළඳීමේ අවදානම වැඩි බව ද වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ළදරුවන්, ගර්භනී කාන්තාවන් සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට සරම්ප රෝගයෙන් බරපතල සංකූලතා ඇතිවීමේ අවදානම වැඩි බවද සඳහන්.

සති අන්තයට සූදානම් වන මෙල්බන් ජනතාවට කාලගුණයෙන් දැනුම්දීමක්

මෙල්බන් ඇතුලු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසකට පවතින දැඩි ශීත සහිත කාලගුණික තත්වය මෙම සති අන්තයේදී තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකථනය කරනවා.

Read More »

මතභේධයට ලක්වූ සිඩ්නි ගොඩනැගිල්ලට වෙන්න යන දේ

මතභේදාත්මක ලෙස අලෙවි කරනු ලැබූ සිඩ්නි හි ජනප්‍රිය සිරියස් (Sirius) නිවාස සංකීර්ණය නව පදිංචිකරුවන් සඳහා නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »