නින්දට පෙර කරන දෙයක අහිතකර ප්‍රතිඵලය ගැන ඔබ දැනුවත් ද?

රාත්‍රී නින්දට පෙර ඡංගම දුරකතන හෝ ඩිජිටල් තිර භාවිතය මගින් දෙනෙත් අධික ආලෝකයට නිරාවරණය වීම මානසික සෞඛ්‍යයට බලපෑම් ඇති කරන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

පුද්ගලයින් අසූ දහසක් යොදා ගනිමින් ආලෝකය, නින්ද, මානසික සෞඛ්‍ය සහ ශාරීරික ක්‍රියාකාරකම් යන කරුණු සැලකිල්ලට ගනිමිනුයි මොනෑෂ් විශ්ව විද්‍යාලය විසින් මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ.

එහිදි අනාවරණය වී ඇත්තේ ස්වභාවික ආලෝකය තුළ ව්‍යායාම්වල නිරත වන පුද්ගලයින්ගේ කායික මෙන්ම මානසික සෞඛ්‍ය ඉතා හොඳ මට්ටමක පවතින බවයි.

පුද්ගලයින් ආලෝකයට නිරාවරණය වන ආකාරය අනුව මානසික සෞඛ්‍යයට ප්‍රබල බලපෑමක් එල්ල වන බව මොනෑෂ් පර්යේෂකයන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

ආලෝකය මානසික සුවයේ මුලික අංගයක් වන අතර දවසේ වැඩි කාලයක් ස්වභාවික ආලෝකය තුළ කටයුතු කිරීම වාඩාත් යහපත් බවයි අධ්‍යයන කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය ඇන්ඩෲ පිලිප් සඳහන් කර ඇත්තේ.

රාත්‍රී කාලය තුළ ස්මාට් දුරකථන භාවිතය මගින් කෘත්‍රීම ආලෝකයට නිරාවරණය වීම ජාන විකෘති තත්වයන්ට ද බලපෑම් එල්ල කරනු ඇති බවයි මෙහිදී අනාවරණය වී තිබෙනවා.

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුම ගැන තොරතුරු හෙළිවෙයි

සිඩ්නි හි නිරිතදිග ප්‍රදේශයේ දේවස්ථානයකදී බිෂොප්වරයෙකු ඇතුලු 4 දෙනෙකුට තුවාල සිදු වූ පිහි ඇනුම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »