නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉල්ලවරා විල ප්‍රදේශයේ සතියකට පමණ පෙර අතුරුදන් වූ නව හැවිරිදි පිරිමි ළමයෙකු සොයා හදිසි සෝදිසි කිරීමක් ආරම්භ කර තිබෙනවා.
මේසන් සිම්ප්සන් නැමති දරුවා අවසන් වරට දැක ඇත්තේ පෙබරවාරි 29 බ්‍රහස්පතින්දා ඇල්බියන් පාර්ක් රේල් හි කෝක්වුඩ් ශාන්ත වීදියේ සිටින ආකාරයයි.
මේසන් දින ගණනාවක් පාසලට නොපැමිණීම හෙථුවෙනුයි ඔහුගේ අතුරුදන්වීම පිළිබඳව පාසැල විසින් පොලිසියට දැනුම් දීමට පියවර ගෙන ඇත්තේ.
අතුරුදන්වූ දරුවා ඔහුගේ පියා වන ලියොන් විසින් රැගෙන යන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර මේසන්ගේ දෙමාපියන් වෙන්ව ජීවත්වූ බව වාර්තා වනවා
පොලිසිය පැවසුවේ මේසන් කොකේසියානු පෙනුමක් ඇති සෙන්ටිමීටර 140-145 පමණ උස, උරහිස් දක්වා දිග දුඹුරු හිසකෙස් සහ දුඹුරු ඇස් සහිත පිරිමි දරුවෙකු බවයි.
මේසන්ගේ පියාගේ වාහන අංකය CA-51-CB ලෙස දන්වා ඇති අතර දරුවා අදාළ වාහනයෙන් රැගෙන යන්නට ඇතැයි පොලිසිය අනුමාන කරනවා.
මේසන් හෝ වාහනය දුටු ඕනෑම අයෙක් ලේක් ඉලවර්රා පොලිස් ස්ථානයට හෝ අපරාධ මර්දන නිලධාරීන්ට 1800 333 000 යන දුරකතන අංකය ඔස්සේ තොරතුරු ලබා දෙන ලෙස ජනතාවට දැනුම් දී තිබෙනවා.