Search

ළමයින් අතර පැතිර යන රෝගී තත්වයක වැඩිවීමක්

විවිධ මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබාගන්නා ඔස්ට්‍රේලියානු ළමුන් සංඛ්‍යාව ගත වූ දශකයේදී සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

විශාදය – ආතතිය ඇතුලු මානසික රෝග කිහිපයක් සඳහායි මෙලෙස බාලවයස්කාර ඔස්ට්‍රේලියානුවන් විසින් මානසික ප්‍රතිකාර ලබාගෙන ඇත්තේ.

මොනෑෂ් විශ්ව විද්‍යාලය විසින් සිදුකර ඇති සමීක්ෂණයකට අනුව හෙළිවී ඇත්තේ 2013 වසරට වඩා 2021 වසර වනවිට වයස 18 ට අඩු ළමුන් මානසික රෝග සඳහා ඖෂධ ලබාගැනීම දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

2013 දී පිරිමි ළමුන් 1000කට 34 දෙනෙකුද – ගැහැණු ළමුන් 1000 කට 25 දෙනෙකුද මානසික ප්‍රතිකාර ලබාගෙන තිබුණා.

2021 වනවිට එය පිරිමි ළමුන් 1000 කට 60 දෙනෙකුද – ගැහැණු ළමුන් 1000 කට 49 ක් දක්වාද ඉහළ ගොස් ඇති බවයි අනාවරණය වන්නේ.

මින් බහුතරය වයස අවුරුදු 13 ත් 18 ත් අතර ගැහැණු ළමුන් බව ද හෙළිවී තිබෙනවා.

ජංගම දුරකතන භාවිතය, නිසි දෙමාපිය රැකවරණයක් නොමැතිකම, ඇතැම් සමාජ විරෝධි ක්‍රියා සම්බන්ධ වූ කුතුහලය මානසික රෝග කෙරෙහි බලපා තිබෙනවා.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »