Search

ඔස්ට්‍රේලියාව පානීය ජලයට මුදල් ගෙවා ලොව දෙවැනි තැනට එයි

පානීය ජලය සඳහා ලොව දෙවැනියට වැඩිම වටිනාකම ගෙවන රට බවට ඔස්ට්‍රේලියාව පත්වී තිබෙනවා.

සාමාන්‍යයෙන් වසරකදී මෙරට එක් පුද්ගලයෙකු බෝතල් කළ ජලය ලීටර් 504ක් පමණ පරිභෝජනය කරන අතර එහි වටිනාකම ඩොලර් 580කට ආසන්න බව මෑතකදී නිකුත් වූ වාර්තාවක සඳහන්.

එම අගය දෙවැනි වන්නේ සිංගප්පූරුවට පමණක් බවට ද තහවුරු වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාව තුළ පානීය ජලය සඳහා වන වියදම අමෙරිකාව සහ යුරෝපයට සාපේක්ෂව දෙගුණයකින් පමණ ඉහළ වන අතර ආසියාවේ සහ අප්‍රිකාවේ රටවල්වලට සාපේක්ෂව 04 ගුණයකින් පමණ ඉහළ බවට ද තක්සේරු කර ඇතැයි සඳහන්.

එමෙන්ම බෝතල් කළ පානීය ජලය නිපදවන රටවල් අතර 10 වන ස්ථානයට ඔස්ට්‍රේලියාව මේ වනවිට පත්වී තිබෙනවා.

ඒ අනුව එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් නිකුත් කළ නවතම වාර්තා අනුව පෙනී යන්නේ පානීය ජල බෝතල් සඳහා වැඩිම මුදල් වැය කරන ලොව දෙවන රට ඔස්ට්‍රේලියාව වන බවයි.

Auslankatv Today’s Top Stories.2024.10.07

ඇඩිලේඩ්වල $ ලක්ෂ 6කට වැඩි වැටුපක රැකියාවකට සුදුස්සෙකු සොයයි සිඩ්නිහිදී මිතුරාගේ වාහනයේ ගැටී ජාත්‍යන්තර සිසුවෙක් ජීවිතක්ෂයට පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

Read More »

ඇඩිලේඩ්වලින් බාලි දක්වා ගිය ගුවන් යානයක් හදිසි ගොඩබැස්විමක

ඇඩිලේඩ් සිට බාලිහි ඩෙන්පසාර් දක්වා පියාසර කරමින් තිබූ ජෙට්සාර් ගුවන් යානයක වැසිකිළි ගැටළුවක් හේතුවෙන් නැවත ගොඩබස්වා තිබෙනවා.

Read More »

වේගයෙන් යන්න ගිය මෙල්බන් තරුණයෙකුට කාර් එකත් නැති වෙයි

මෙල්බන් තදාසන්න ප්‍රදේශයක පැයට කිලෝමීටර 50ක වේග සීමා කලාපයකදී පැයට කිලෝමීටර 120කට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමේ චෝදනා එල්ල වූ තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

Read More »

පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

මෙල්බන්හි රදගුරු මයිකොලා බයිචොක් (Mykola Bychok) ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත් කරනු ලබන නව කාදිනල්වරුන් 21 දෙනාගෙන් කෙනෙකු ලෙස තෝරාගෙන තිබෙනවා.

Read More »