Search

මහා බාධක කොරල් පරය ගැන දුක හිතෙන කතාවක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ මහා බාධක කොරල් පරය විනාශවීමේ අවධානමකට ගොදුරු වී ඇති බව පවතින බව පරිසරවේදීන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

වසර අටකට පසු යුනෙස්කෝ ලෝක උරුම අඩවියෙන් විශාල හානියක් අනාවරණය වූ පස්වන අවස්ථාව මෙයයි

2016 වන තෙක් මෙවැනි මහ පරිමාන විනාශකාරී සිදුවීම් දෙකක් පමණක් වාර්තා වී ඇති අතර විද්‍යාඥයන් පවසන්නේ ගල්පරය නොනැසී පැවතීමට නම් හදිසි දේශගුණික ක්‍රියාමාර්ග අවශ්‍ය බවයි.

ඔස්ට්‍රේලියාවේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් කිලෝමීටර 2300ක් පුරා විහිදී ඇති මහා බාධක කොරල් පරය ලොව විශාලතම ගල්පරය වන අතර එහි ජෛව විවිධත්වයෙන් යුත් පරිසර පද්ධතිවලින් එකක් ලෙස සැලකෙනවා

විශාල විද්‍යාත්මක සහ ආවේණික වැදගත්කම, හේතුවෙන් එය වසර 40 කට වැඩි කාලයක් ලෝක උරුම ලැයිස්තුගත කර තිබුණා.

යුනෙස්කෝව පවසන්නේ මේ තත්වය බරපතල පාරිකරික තත්වයක් වන බවයි.

ගල්පර 300ක පමණ ඉලක්ක කර ගනිමින් සිදු කළ ගුවන් සමීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ බොහෝ ප්‍රමාණයක් විනාශවීමේ අවදානමකට ලක්ව ඇති බවයි

හානිය පුලුල්ව පැතිරී ඇති අතර දේශගුණික තත්වය සිසිල් වුවහොත් සමහර කොරල්වලට නැවත යථා තත්ත්වයට පත් විය හැකි බවද සඳහන්.

මහා බාධක කොරල්පරය ඉතාලියට වඩා විශාල වන අතර ගල්පරයට සිදුවු බලපෑම් කඩිනමින් පාලනය කල යුතු බව පර්යේෂකයන් අවධාරණය කර තිබෙනවා.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »