Search

ඖෂධ මිල ඉහළ යාම නිසා රෝගීන් ගත් තීරණය

ඔස්ට්‍රේලියාවේ ආර්ථික තත්වය සමග ඖෂධ මිල ගණන් සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් මිල ගණන් අඩු ඖෂධ ආනයනය කිරීම කෙරෙහි ඖෂධවේදීන්ගේ අවධානය යොමුව ඇති බව සඳහන්.

බෙහෙත් ද්‍රව්‍යවල මිල ගණන් ඉහල යාම බොහෝ ඔස්ට්‍රේලියානුවන්ට දැඩිව දැනෙන අතර ඇතැම් ඔස්ට්‍රේලියානුවන් අවශ්‍ය ඖෂධ විදේශ රටවලින් ගෙන්වා ගැනීමට පවා පෙළඹ ඇති බවයි වාර්තා වන්නේ.

අවුරුදු 45 හෝ ඊට වැඩි ඔස්ට්‍රේලියානුවන් ගෙන් සියයට 1.8 පසුගිය මාස 12 තුල බෙහෙත් ආනයනය කර තිබෙන බව 2023 වසරේ සිදු කළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

එමගින් පෙනී යන්නේ දහස් ගණන් ඔස්ට්‍රේලියානුවන් විදෙස් රටවලින් බෙහෙත් ආනයනයට යොමුවී ඇති බවයි.

මීට අමතරව මෙම සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් හරි අඩක්ම කියා සිටියේ ඉදිරියේදී ඖෂධ ආනයනය සඳහා යොමුවීමට අදහස් කරන බවයි.

සමීපතමයින් හරහා ද බෙහෙත් මෙරටට ගෙන්වා ගැනීමට යොමුව ඇති බව සමීක්ෂණය සහභාගි වූවන් ප්‍රකාශ කර තිබෙනවා.

ඖෂධ ආනයනයට ඔස්ට්‍රෙලියානු ඖෂධ පාලන අධිකාරිය විසින් අවසර දී තිබුන ද ඇතැම් ඖෂධ ආනයනය සඳහා වෛද්‍ය නිර්දේශය ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය කරුණක්.

නිර්දේශයකින් තොරව පුද්ගලික පාවිච්චිය සඳහා ආනයනය කරන ඖෂධ අලෙවි කිරීම නීතියෙන් තහනම්.

ඇතැම් මිල අධික බෙහෙත් ද්‍රව්‍ය ආනයනය කිරීම ලාබදායී වුවද එහි ප්‍රමිතිය ඔස්ට්‍රේලියානු නිර්දේශ සමග ගැලපේද යන්න ගැටලු සහගත වන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත්තේ.

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පාලන ආයතනය වන Australian Health Practitioner විසින් අනතුරු අඟවා තිබෙනවා.

Read More »