Search

ජල තටාක ආශ්‍රිතව සිදුවන කුඩා ළමයින්ගේ මරණ ඉහළට

ඔස්ට්‍රේලියාව තුළදී ජල තටාක ආශ්‍රිතව කුඩා ළමුන්ට සිදුවන අනතුරු සංඛ්‍යාව 03 ගුණයකින් ඉහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

විශේෂයෙන් වයස අවුරුදු 05ට අඩු දරුවන් මින් වැඩි අවදානමකට ලක්ව ඇති අතර දෙමාපියන්ට මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි ජීවිතාරක්ෂක අංශ උපදෙස් දී ඇත්තේ.

ඒ අනුව පසුගිය වසර 20ක කාලසීමාව තුළ වයස අවුරුදු 05 ට අඩු කුඩා ළමුන් 549ක් තටාක ආශ්‍රිත දියේ ගිලීම් හේතුවෙන් මිය ගොස් ඇති අතර ඉන් මරණ 222ක් වයස අවුරුදු 01ට අඩු දරුවන් වීම විශේෂත්වයක්.

මෙලෙස මියගිය ළමුන් අතුරින් 89 දෙනෙකු තම නිවෙස් තුළ පිහිටි අනාරක්ෂිත තටාකවලට වැටී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන් නිවස ආශ්‍රිතව අනාරක්ෂිත තටාක ඉදිකිරීම හා දෙමාපියන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් කුඩා ළමුන්ගේ ජීවිත තර්ජනයට ලක්ව ඇති බව රාජකීය ජීවිතාරක්ෂක අංශය ප්‍රකාශ කළා.

දියේ ගිලීම් හේතුවෙන් සෑම වසරකම වයස 05 ට අඩු ළමුන් සාමාන්‍යයෙන් 27 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන අතර අනතුරු අවම කිරීම සම්බන්ධයෙන් දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් නිරතුරු ක්‍රියාත්මක කිරීමට රාජකීය ජිවිතාරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »