බෝකෝ හරාම් සන්නද්ධ ක්‍රියාකාරීන් පාසල් සිසුන් 100කට අධික පිරිසක් පැහැර ගනී

බෝකෝ හරාම් සන්නද්ධ ක්‍රියාකාරීන් විසින් වයඹ දිග කුරිගා නගරයේදී නයිජීරියානු පාසල් සිසුන් 100කට අධික පිරිසක් පැහැරගෙන ගොස් තිබෙනවා.

යතුරුපැදිවලින් පැමිණි කැරළිකරුවන් පාසලට කඩාවැදී වයස අවුරුදු 8ත් 15ත් අතර පසුවන මෙම සිසුන් ගුරුවරයෙකු සමඟ රැගෙන ගොස් ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කර ඇත්තේ.

තුවක්කුකරුවන් විසින් එක් සිසුවෙකුට වෙඩි තබා ඇති අතර ඔහු මේ වන විට බිර්නින් ග්වාරි රෝහලේ ප්‍රතිකාර ලබනමින් පසුවනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෑත වසරවල විශේෂයෙන් වයඹ දිග ප්‍රදේශයේ මිනිසුන් විශාල පිරිසක් කොල්ලකරුවන් විසින් පැහැරගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, පසුගිය වසර තුළ ළමුන් සමූහ වශයෙන් පැහැරගෙන යාමේ අඩුවීමක් දක්නට ලැබුණා.

මෙම පැහැර ගැනීම සිදු වූයේ ඊසානදිග නයිජීරියාවේ දර එකතු කරමින් සිටි කාන්තාවන් 200කට වැඩි පිරිසක් බොකෝ හරාම් කණ්ඩායම විසින් පැහැරගෙන ගොස් දින කිහිපයකට පසුවයි.

කෙසේ වෙතත් මෙම සමූහ පැහැරගැනීම් සිදුවීම් දෙක අතර සම්බන්ධයක් ඇත්දැයි යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

නයිජීරියාවේ මෙවැනි මැඩලීමේ උත්සාහයක් ලෙස කප්පම් ගෙවීම සහ පැහැර ගැනීම් අපරාධයක් බවට වන නීතියක් 2022 වසරේ සම්මත කර ගනු ලැබුව ද මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැහැ.

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »