ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගේ මුල්‍ය තත්වය ගැන කාන්තා දිනයේ හෙළිදරව්වක්

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ෆයින්ඩර් විසින් කාන්තාවන්ගේ මුල්‍යමය තත්වය පිළිබඳ නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

එමගින් අනාවරණ වී ඇත්තේ ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් මූල්‍ය අනාරක්ෂිතභාවයට මුහුණ දී ඇති බවයි.

ඒ අනුව පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ගෙන් සියයට 40ක් මූල්‍ය ආතතියකට පත්ව ඇති බව සඳහන්.

සෑම කාන්තාවන් තුන් දෙනෙකුගෙන් දෙදෙනෙක් මූල්‍ය ආතතිය අත්විඳින බව පිළිගෙන ඇති අතර එම අගය සමස්තයක් ලෙස මිලියන 7කට වැඩි සංඛ්‍යාවක්.

මූල්‍ය දුෂ්කරතාවයන්ට මුහුණදී සිටින කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් බිල්පත් ගෙවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙලෙස මූල්‍ය ආතතියට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ආතතිය හේතුවෙන් කාන්තාවන්ගේ සතුට ගිලිහී ගොස් ඇති බව සමීක්ෂණයට සහභගි වූවන් ප්‍රකාශ කර තිබුණා.

ෆයින්ඩර් දත්තවලට අනුව පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ මුදල් ඉතිරිය සියයට 53ක අගයක් වුව ද සැලකිය යුතු මුදලක් ඔවුන් සතු නොවන බව සඳහන්.

ෆයින්ඩර් හි පුද්ගලික මූල්‍ය විශේෂඥ සාරා මෙගින්සන් පවසන්නේ කාන්තාවන් වැඩි පිරිසක් රැකියාවල නිරත වුව ද ඔවුන් මූල්‍යමය තත්වයට අතින් අනාරක්ෂිත බවක් පෙන්නුම් කරන බවයි.

මේ අතර 2024 වසරේ ජනවාරි මාසයේ දී කාන්තාවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් උකස් මුදල් ගෙවීම් සහ නිවාස කුළි ගෙවා ගැනීමට අරගල කරමින් සිටි බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »