ඉතිහාසයේ ප්‍රථම වරට බැටළු මස්වල මිලත් ඉක්මවා ගිය මස් වර්ගය

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම වරට බැටළු මස්වලට වඩා කුකුළු මස්වල මිල ඉහළ ගොස් තිබෙනවා.

ගොවිපල සහ සුපිරි වෙළඳසැල් අතර බැටළු මස් සැපයුම් දාමයේ ගැටලු එහි වටිනාකම අඩු කිරීමට හේතු වී ඇති බවටයි පැවසෙන්නේ.

කුකුළු මස්වල මිල වසර ගණනාවක් තිස්සේ ස්ථාවරව පවතින අතර එහි පවතින්නේ සුළු වැඩි වීමක්.

ඒ අනුව සුපිරි වෙළදසැල්හි බැටළුමස් කිලෝවක මිල ජනවාරි මස සිට ඩොලර් 8ක මිලට අළෙවී වූ අතර කටු ඉවත් කළ කුකුල්මස් කිලෝවක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 11ක් ලෙසයි.

ඔස්ට්‍රේලියා සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්තවලට අනුව දෙසැම්බර් කාර්තුවේදී කුකුළු මස්වල ආදායම ඩොලර් මිලියන 999.8 දක්වා සියයට 0.02 කින් ඉහළ ගොස් ඇති අතර බැටළු මස් ආදායම ඩොලර් මිලියන 883.5 දක්වා සියයට 7.6 කින් පහත වැටී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු කුකුළු මස් අලෙවි සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසුවේ කුකුළු මස් වල වටිනාකම සුළු වශයෙන් ඉහළ යාමෙන් පෙන්නුම් කරනු ලබන්නේ කර්මාන්තය පිළිබඳ ඇති විශ්වාසදායක සහ එහි වර්ධනය බවයි.

සෑම ඔස්ට්‍රේලියානුවෙකුම සාමාන්‍යයෙන් වසරකට කුකුල් මස් කිලෝග්‍රෑම් 50ක් පමණ අනුභව කරන අතර එය සතියකට කිලෝවකට සමාන වනවා.

ගෘහස්ථ මස් පරිභෝජනය සඳහා ඕස්ට්‍රේලියාවේ සෑම වසරකම කුකුළන් මිලියන 700ක් පමණ ඝාතනය කරනු ලබන අතර, අපනයනය කරනු ලබන්නේ ඉතා සුළු මස් ප්‍රමාණයක්.

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »