රතු මුහුදේදී ප්‍රහාරයට ලක්වූ නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයන්ට සිදුවූ දේ

දකුණු යේමනයට ආසන්න මුහුදු සීමාවේ හූති සටන්කරුවන්ගේ මිසයිල ප්‍රහාරයකට ලක්ව හානියට පත්වූ වෙළෙඳ නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් නිරුපද්‍රිතව බේරාගෙන තිබෙනවා.

ඉන්දීය නාවික හමුදාවට අයත් හමුදාවට අයත් INS කොල්කටා නෞකාව විසින් වෙළඳ නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය බලධාරීන් දැනුම්දී ඇත්තේ බේරා ගත් පිරිස අතර මිසයිල ප්‍රහාරය එල්ලවූ වෙළෙඳ නෞකාවේ සේවයට යොදවා සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ද සිටින බවයි.

ජිබුටි රාජ්‍යට රැගෙන යමින් සිටින එම ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු තුවාල ලබා ඇති අතර අනෙක් පුද්ගලයාට අනතුරක් සිදුවී නැහැ.

ටෲ කන්ෆිඩන්ස් (True Confidence) නමැති බාබඩෝස් ධජය සහිත මෙම නෞකාවට හුති කැරලිකරුවන් විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පසු අතහැර දමා තිබූ අතර එය මුහුදේ පාවෙමින් තිබුණා.

එම මිසයිල ප්‍රහාරයෙන් වෙළෙඳ නාවිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඇමෙරිකානු හමුදාව සඳහන් කළේ.

මෙය හූති කැරළිකරුවන් රතු මුහුදේදී වෙළඳ නෞකාවලට එල්ල කළ ප්‍රහාරවලින් මරණ වාර්තා වූ පළමු අවස්ථාව ලෙසටයි සැලකෙන්නේ.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »