Search

සමන්තා මර්ෆිගේ අතුරුදන් වීමට ඇල්ලූ තරුණයා හැමෝම දන්න අයෙකුගේ පුතෙක් බව හෙළිවෙයි

බැරලට් ප්‍රදේශයේදී අතුරුදන් වූ සමන්තා මර්ෆිගේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියා පාපන්දු ලීගයේ හිටපු ක්‍රීඩකයෙකුගේ පුත්‍රයෙක් බවට පොලිසිය අනාවරණ කර තිබෙනවා.

හිටපු ක්‍රීඩකයාගේ පුත්‍රයාට අතුරුදහන් වූ තිදරු මව ඝාතනය කිරීමේ චෝදනාව එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

22 හැවිරිදි පැට්‍රික් ඔරන් ස්ටීවන්සන් අද බැලරට් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී ඔහුගේ අනන්‍යතාව ප්‍රකාශයට පත් කිරීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවත් කර තිබෙනවා.

පසුගිය පෙබරවාරි මස 4 වනදා සමන්තා මර්ෆි බැලරට් යුරේකා වීදියේ පිහිටි ඇගේ නිවසින් පිටත්ව ගොස් තිබුණේ ව්‍යායාම් සඳහායි.

ඉරිදා උදෑසන 7ට පිටත්ව ගිය ඇය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට හැකිවී නැහැ.

හිටපු ක්‍රීඩකයාගේ පුත්‍රයා විසින් ස්ටෙෆන්සන් මවුන්ට් ක්ලියර්හිදී මර්ෆි ඝාතනය කළ බවටයි පොලිසිය චෝදනා කරන්නේ.

හිටපු ක්‍රීඩක ඔරෙන් ස්ටීපන්සන් ගේ පුත්‍රයා අතුරුදන් වූ මර්ෆි හෝ ඇයගේ පවුලේ සාමාජිකයන් නොහඳුනන බව ද හෙළිවී තිබෙනවා .

22 හැවිරිදි සැකකරු පසුගිය ඔහු බදාදා උදෑසන අත්අඩංගුවට ගෙන තිබුණේ බැලරට් සිට කිලෝමීටර් 16 ක් දුරින් පිහිටි නිවසකදීයි.

තවමත් සොයා ගැනීමට නොහැකි වූ මර්ෆිගේ දේහය සෙවීමට පොලිසිය විමර්ශන සිදු කරමින් පවතිනවා.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »