පෙබරවාරියේ උණුසුම වාර්තා අලුත් කරයි

පසුගිය මාසය මෑත කාලයේ ලොව උණුසුම්ම පෙබරවාරි මාසය වූ බව යුරෝපා සංගමයේ දේශගුණ සේවය පවසනවා.

2023 වසරේ ජූනි මාසයේ සිට සෑම මාසයකම උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ලෝකයේ මුහුදු මතුපිට උණුසුම ද වාර්තාගත මට්ටමකට පැමිණ ඇති අතර ඇන්ටාක්ටික් මුහුදු කලාපයේ අයිස් තට්ටුව ද නැවතත් ඉතා පහළට පැමිණ ඇතැයි සඳහන්.

පැසිෆික් සාගරයේ එල් නිනෝ කාලගුණික සංසිද්ධිය නිසා උෂ්ණත්වය තවමත් ඉහළ යමින් පැවතුණ ද මිනිසා විසින් ඇති කරන දේශගුණික විපර්යාස බොහෝ දුරට උණුසුමට ප්‍රධාන හේතුව ලෙසටයි සැලකෙන්නේ.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ මහලේකම් මහාචාර්ය සෙලෙස්ටේ සෝලෝ අවධාරණය කරන්නේ හරිතාගාර වායූන් විමෝචනය ද මෙම තත්වයට හේතුවක් වී ඇති බවයි.

පවතින දැඩි උෂ්ණත්වය බටහිර ඔස්ට්‍රේලියාව, අග්නිදිග ආසියාව, දකුණු අප්‍රිකාව සහ දකුණු ඇමරිකාවට විශේෂයෙන් බලපා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »