කැනඩාවේ ඔටාවා අගනුවර නිවසක් තුළදී ශ්‍රී ලාංකික පවුලක සාමාජිකයන් 6 දෙනෙකු ඝාතනයට ලක්ව තිබෙනවා.
මියගිය අය අතර එම පවුලේ මව සහ දරුවන් වන අතර පියා බරපතළ තුවාල සහිතව රෝහලේ ගත අකර ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් බීබීසි ලෝක සේවය සඳහන් කළේ, මිය ගොස් ඇත්තේ ශ්‍රී ලාංකීක පවුලක සමාජිකයන් බවයි.
මියගිය හයදෙනා කැනඩාවට අලුතින් පැමිණි අය වන අතර මියගොස් ඇති කුඩාම දරුවාගේ වයස මාස තුනකට අඩු බවත් සඳහන්
මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ එම පවුල සමඟ ජීවත් වූ ශ්‍රී ලාංකිකයෙක් වන 19 හැවිරිදි සිසුවෙකුටයි.
මියගිය පිරිස අතර 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායක සහ ඇයගේ දරුවන් සිව්දෙනා වන 7 හැවිරිදි ඉනුකා වික්‍රමසිංහ, 4 හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, 2 හැවිරිදි රින්යානා වික්‍රමසිංහ සහ මාස දෙකක් වයසැති කෙලී වික්‍රමසිංහ නැමති බිළිඳා වනවා .
මියගිය හයවැනි පුද්ගලයා 40 හැවිරිදි ගාමිණී අමරකෝන් නැමැත්තෙක් වන අතර ඔහු ද එම නිවසේම පදිංචිව සිටි පවුලේ හිතවතෙකු ලෙසටයි හඳුනාගෙන ඇත්තේ.
සැකකරු 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නම් අයෙක් ලෙස පොලිසිය හඳුනාගෙන ඇති අතර ඔහුට මිනීමැරුම් හයක් සහ මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.
මෙම සිදුවීම ඔටාවා හි මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම ඝාතන සිදුවීම වන අතර එය කැනඩාවේ අගනුවරට සැලකිය යුතු බලපෑමක් ඇති කරන සැබෑ ඛේදවාචකයක් ලෙස හඳුන්වන බවයි ඔටාවා නගරාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.
ඔහු මෙම ඝාතන සිදුවීම හඳුන්වා දී ඇත්තේ නගර ඉතිහාසයේ වඩාත්ම කම්පන සහගත ප්‍රචණ්ඩත්වයේ සිදුවීමක් ලෙසින්..
ඝාතනයට හේතුවක් මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.