
දිනකට පියවර 10000ක් ඇවිදීමෙන් හදිසි මරණ අවදානම මෙන්ම හෘද රෝග ගැටළු පාලනය කර ගත හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.
දිනකට වැඩි වේලාවක් වාඩි වී සිටින පුද්ගලයින් සහ වැඩි වේලාවක් ඇවිදින පුද්ගලයින් අතර සිදු කළ අධ්‍යනයක දී තහවුරු වී ඇත්තේ නිතර ඇවිදින පුද්ගලයින්ට සිදුවන හදිසි මරණ අවධානම අවම බවයි.
දෛනික පියවර ගණන 9000 සිට 10000 දක්වා පවතින පුද්ගලයින් වැඩි වශයෙන් වාඩි වී සිටින පුද්ගලයින්ට සාපේක්ෂව යහපත් සෞඛ්‍යකින් පසුවන බව සිඩ්නි විශ්ව විද්‍යාලය මගින් සිදු කළ අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

ඒ අනුව දිනකට පියවර 10000ක් දක්වා වූ සෑම අමතර පියවරක්ම මරණ අවදානම සියයට 39කින් සහ හෘද රෝග සියයට 21කින් අඩු කර ගත හැකි බවයි හෙළිව ඇත්තේ.
මෙම අධ්‍යයනය සඳහා 72000කට අධික පුද්ගලයින් සංඛ්‍යාවක් සහභාගී කර ගෙන ඇති බව ද සඳහන්.

මෙහි ප්‍රධාන පර්යේෂක ආචාර්ය මැතිව් අහමඩ් පැවසුවේ දෛනික පියවර මගින් මෙන්ම වාඩි වී සිටිම සම්බන්ධව පවතින සෞඛ්‍ය අවධානම අධ්‍යයනය කළ පළමු අවස්ථාව මෙය බවයි.
පුද්ගලයින්ගේ සියලු චලනය ඉරියව් වැදගත් වන අතර ඇවීදිම පමණක් සිදු කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න වීමට නොහැකි බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන අතර කිසිදු ව්‍යායාමක නිරත නොවන පුද්ලයකුට ඇවිදීම එක් හිතකර සෞඛ්‍ය පුරුද්දක් පමණක් බව පෙන්වා දෙනවා.