ෆේස්බුක් බිඳ වැටීමෙන් මෙටා සමාගමට පැය දෙකක් තුළ කිසිවෙකුත් නොසිතූ මුදලක අලාභයක්

පසුගිය අඟහරුවාදා Facebook, Instagram සහ Messenger හදිසියේ බිඳ වැටීම හේතුවෙන් Meta සමාගමට සිදු වූ පාඩුව ඩොලර් මිලියන 100 ඉක්මවා ගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.

මෙටා සමාගමේ මෙම ගෝලීය ඇනහිටීම මූල්‍යමය වශයෙන් ඔවුන්ට දැඩි බලපෑම් සිදු වූ කරුණක් ලෙසටයි සැලකෙන්නේ.

අඟහරුවාදා ලොව පුරා Meta හි යෙදවුම් රැසක විශාල බිඳවැටීමක් සිදු වීම හමුවේ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ මැසෙන්ජර් වැනි ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකා සියල්ල ක්‍රියා කිරීම නතර වුණා.

යථා තත්ත්වයට පත් වීමට පැය කිහිපයක් ගත වූ මෙම ගැටලුව හමුවේ බිලියන ගණනක් පරිශීලකයින් අපහසුතාවට පත්වුවා පමණක් නොව විශේෂඥයින්ට අනුව සමාගමට විශාල මූල්‍ය බලපෑමක් ඇති කර තිබෙනවා.

වාර්තා වී ඇති ආකාරයට මෙම බිඳ වැටීම හේතුවෙන් Meta සමාගමේ කොටස් මිල 1.6% කින් පහත වැටී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙටා හි සන්නිවේදන ප්‍රධානි ඇන්ඩි ස්ටෝන් ප්‍රකාශ කර තිබුණේ හැකි ඉක්මනින් ගැටලුව විසඳා ඇති අතර, යම් අපහසුතාවයක් සිදු වූයේ නම් ඒ සඳහා සමාව අයදින බවයි.

අඟහරුවාදා මෙම බිඳ වැටීමේ ප්‍රතිඵලයක් ලෙස Mark Zuckerbergට ඩොලර් මිලියන 100ක ආදායමක් අහිමි වූ බව මේ වන විට හෙළිවී තිබෙනවා.

Meta සතු සියලුම සමාජ මාධ්‍ය වේදිකා 2021 වසරේදී ද මෙවැනි තාක්ෂණික දෝෂයකට මුහුණ දුන් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පැය 7ක විසන්ධි වීමක් සිදුවී තිබුණා.

කෙසේ වෙතත්, මෙවර පැය 2 ක් තුළ ගැටළුව විසඳීමට ඔවුන්ගේ තාක්ෂණික කණ්ඩායම් සමත් වී තිබෙනවා.

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »

ඉන්දියාවට එරෙහි තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය චරිත් අසලංකට

ඉන්දීය කණ්ඩායමට එරෙහි එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට චරිත් අසලංක නම් කර තිබෙනවා.

Read More »