දරුවන් දෙදෙනෙකුට පිහිනුම් තටාකයක් හදන්න බටහිර ඔස්ට්‍රේලියාවේ ජනතාව එක්වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ නිවසක පිහිටි නාන තටාකයක පිහිනීම සඳහා ගොස් සිටියදී එහි හිමිකරු විසින් රඳවා ගනු ලැබූ බව කියන කුඩා ළමයින් දෙදෙනාට ඔවුන්ගේම නාන තටාකයක් ලබාදීම වෙනුවෙන් අරමුදල් රැස් කිරීමට ඔස්ට්‍රේලියා ප්‍රජාව එක්වී තිබෙනවා.

7 හැවිරිදි ස්ටුවර්ට් සහ 6 හැවිරිදි මාග්‍රට් නම් දරුවන් දෙදෙනා කේබල් බීච් ප්‍රදේශයේ පෞද්ගලික තටාකයක පිහිනමින් සිටියදීයි එහි හිමිකරු විසින් අනවසරයෙන් ඇතුළුවීමේ චෝදනා මත ඔවුන් රඳවාගෙන ඇත්තේ.

45 හැවිරිදි සැකකරු ළමයින්ගේ දෙඅත් ගැටගසා රඳවාගෙන සිටි ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කරනු ලැබූ වීඩියෝවක ඇතුලත්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රජාව පැය 24ක් ඇතුළත ඩොලර් 5000ක් එකතු කර ගනිමින් මෙම දරුවන්ට ආධාර කිරීම වෙනුවෙන් අරමුදල් රැස් කිරීමක් ආරම්භ කර තිබෙනවා.

ළමයින් දෙදෙනාට පිහිනුම් තටාකයක් සහ තටාකයේ සෙල්ලම් බඩු මිලදී ගැනීමට මුදල් වැය වන අතර ඔවුන් කැමති ඕනෑම වේලාවක ආරක්ෂිතව පිහිනීමට එමගින් හැකි බවයි මුදල් එක් රැස් කිරීමේ සංවිධායකවරයා සමාජ මාධ්‍යවල සටහන් කර තිබුණේ.

ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මෙම නිවසට පැමිණි අවස්ථාවේ දරුවන් ගැට ගසා ඇති ආකාරය දැක ඇති අතර පොලිසිය පැමිණීමට පෙර සැකකරු පළා ගොස් ඇතැයි සඳහන්.

පසුව පොලිසියට භාර වූ සැකකරුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැන්ව ඇප නියම කර තිබෙනවා.

ජනතාවට සහන ගේන්න සුපිරි වෙළඳසැල්වලට නව නීතියක්

පාරිභෝගිකයන්ගෙන් මෙන්ම සැපයුම්කරුවන්ගෙන් අඛණ්ඩව එල්ලවන විවිධ චෝදනා හමුවේ මහා පරිමාණ සුපිරි වෙළඳසැල් සඳහා නව නීති ගෙන ඒමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »