Search

ලොව හොඳම සෞඛ්‍ය නිදහස ඇති රටවල් අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

ලොව පුරා හොඳම සෞඛ්‍ය නිදහස ඇති රටවල් ශ්‍රේණිගත කිරීමේදී ඔස්ට්‍රේලියාවට 8 වන ස්ථානය හිමිව තිබෙනවා.

සෞඛ්‍ය රක්‍ෂණ සැපයුම්කරු විලියම් රසල්ගේ නව අධ්‍යයනයකින් ලෝකයේ හොඳම සෞඛ්‍ය නිදහස ඇති රටවල් 10 පසුගියදා ප්‍රකාශයට පත් කර තිබුණා.

ඒ අනුව ලොව ඇති වඩාත් හොදම සෞඛ්‍ය නිදහස සහිත රටවල් අතරින් පළමු ස්ථානයට ස්විට්සර්ලන්තය පත්ව ඇති අතර ඒ සඳහා ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 8.34ක්.

එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය ලක්සම්බර්ග් ලබාගෙන ඇති අතර ඔවුන්ට හිමි ප්‍රාසාධ ලකුණු සංඛ්‍යාව 7.83ක්.

කැනඩාව සහ බෙල්ජියම එම ශ්‍රේණිගත කිරීමේ පිළිවෙලින් තෙවන සහ සිව් වන ස්ථානයට වත්ව ඇති අතර මෙම ශ්‍රේණිගත කිරීමේ ඇති බොහෝ රටවල් ඖෂධීය ගංජා භාවිතය නීතිගත කර ඇති රටවල් වීම විශේෂත්වයක්.

ක්‍රොඒෂියාව, දකුණු අප්‍රිකාව මෙන්ම නෙදර්ලන්තයද මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුලත් වන අතර සෞඛ්‍ය සේවාවේ පවතින ගුණාත්මකභාවය හා ආරක්ෂිතභාවය සැලකිල්ලටගනිමින් මෙම අධ්‍යයනය සිදු කර තිබුණා.

ශ්‍රේෂ්ඨතම සෞඛ්‍ය නිදහස ඇති රටවල් අතර අටවැනි ස්ථානය ඔස්ට්‍රේලියාවට හිමිවන අතර ඒ ප්‍රසාධ ලකුණු 7.06ක් සමඟින්.

සති 18ට වැටුප් සහිත ප්‍රසූත නිවාඩු මෙන්ම ගබ්සා කිරීම් සම්බන්ධ සීමා හා ඖෂධීය ගංජා භාවිතය යන කරුණු මුල් කර ගනිමින් ඔස්ට්‍රේලියාව 8 වන ස්ථානයට පත්ව ඇති බව සඳහන්.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »