ඔස්ට්‍රේලියාවේ ඔබටත් පොලිසියෙන් මේ කෙටි පණිවුඩය ලැබුණා ද?

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය හරහා මත්ද්‍රව්‍ය සැපයීමට සම්බන්ධ බව කියන අපරාධ කණ්ඩායම් විමර්ශනය කිරීම සඳහා නව තාක්ෂණික වැඩපිළිවෙලක් පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ප්‍රාන්ත වැසියන් 50000කට පමණ මේ පිළිබඳ අනතුරු ඇඟවිම් කෙටි පණිවුඩ නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

දුරකතන මාර්ග ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම් පුලුල් ලෙස සිදු කෙරෙන අතර හඳුනාගත් ප්‍රධාන දුරකතන මාර්ග 26ක දත්ත පරික්ෂා කිරීමෙන් මේ බව අනාවරණය කර ගැනීමට හැකිවී තිබෙනවා.

එසේම එම දුරකතන සමග සම්බන්ධතා දැක්වු සෑම සිම්පත් හිමියෙකුටම ඒ පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර මෙලෙස මත්ද්‍රව්‍ය ජාවාරම් හා සම්බන්ධව පොලිසිය විසින් නිකුත් කළ පණිවුඩ හරහා ජනතාවගේ ද අවධානය යොමුව තිබෙනවා.

දෙසැම්බර් සහ ජනවාරි අතර කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අදාළ සිම්පත් රැසක් පොලිස් භාරයට ගෙන ඇති අතර ඉදිරියේ දී තවදුරටත් විමර්ශණ පුලුල් කරන බවයි පොලිසිය සඳහන් කළේ.

වැටලීම් සඳහා රහස් පරික්ෂක කණ්ඩායම් ද යොදවා ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අපරාධකරුවන් රැසක් නීතිය ඉදිරියට ගෙන ඒමට පොලිසිය සමත්වුණා.

වැටලීම්වලදී අත්අඩංගුවට ගත් සිම්පත් වසර 10කට වඩා පැරණි වන අතර එවක පටන් මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ඒවා භාවිත කර ඇති බවයි වාර්තා වන්නේ.

රහස් පරීක්ෂක අධිකාරී ග්‍රාන්ට් ටේලර් පැවසුවේ අපරාධ සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් විසුරුවා හැරීම සඳහා පොලිසිය මෙම තාක්ෂණය භාවිතා කළ පළමු අවස්ථාව මෙය බවයි.

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »