Search

සුපිරි වෙළදසැල්වල ක්‍රියා නිසා පිරිසක් පීඩාවට පත්වෙයි

සුපිරි වෙළදසැල්වල ක්‍රියා කාලාපය හේතුවෙන් වගාකරුවන් මෙන්ම සැපයුම්කරුවන්ද පීඩාවට පත්වන බව ගොවීන් චෝදනා කරනවා.

සුපිරි වෙළඳසැල් හිමියන්ගේ අවාසි සහගත උපක්‍රම සහ කොන්දේසි සම්බන්ධයෙන් සිදු කළ විමර්ශණවලදී හෙළිවී ඇත්තේ උතුරු ක්වීන්ස්ලන්ඩ් වගාකරුවන් දැඩි අවදානමකට පත්ව ඇති බවයි.

විශේෂයෙන් නිෂ්පාදන මිලදී ගැනීමේ දී සුපිරි වෙළඳසැල්වල පවතින මිලකරණ රීතින් හේතුවෙන් ගොවීන් පාඩු ලබන අතර ඔවුන් පෙන්වා දෙන්නේ ඉතා අඩු මිලට ලබා ගන්නා තම වගාවන් වෙළඳසැල්වල ඉතාමත් වැඩිමිලට අලෙවි කිරීම සාධාරණ නොවන බවයි.

මෙලෙස සිදුවන අකටයුතුකම් පිළිබඳ සුපිරි වෙළඳසැල් දැවැන්තයින්ට එරෙහිව පැමිණිලි කළහොත් තමන්ගේ භාණ්ඩ ලබා ගැනීම අත්හිටුවයි යන බිය පවතින බව ගොවි සංගම් පෙන්වා දෙනවා.

තම ජීවනෝපායට බලපෑම් සිදුවනු ඇතැයි යන බිය හේතුවෙන් සුපිරි වෙළඳසැල් දැවැන්තයින්ගෙන් සිදුවන පාඩු ඉවසා දරා ගැනීමට සිදුව ඇති බවයි ගොවීන් සඳහන් කර ඇත්තේ.

සුපිරි වෙළඳසැල්වල මිල ගණන් පිළිබඳ විමසීම් කිහිපයක් මේ දිනවල ආරම්භ කර ඇති නමුත් ඒ සම්බන්ධව රජය ගන්නා ක්‍රියා මාර්ග මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

සුපිරි වෙළඳසැල්වල මිල සම්බන්ධයෙන් අලුතින් පිහිටුවනු ලැබූ පාර්ලිමේන්තු කාරක සභාවේ පළමු සාක්ෂි විමසීම ඊයේ සිට හෝබාර්ට්හිදී ආරම්භ කර ඇති අතර තවත් විමර්ශන කිහිපයක් සිදුවෙමින් පවතින බවද සඳහන්.

සැපයුම් ගිවිසුම් සඳහා නීතිමය ආරක්ෂාවක් නොමැතිකම මේ සඳහා සෘජුව බලපැම් ඇති කරන අතර ඒ සඳහා නියාමනයක් ඇති කළ යුතු බවට අදහස් ඉදිරිපත්ව තිබෙනවා.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »