ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් අර්බුදය අවසන් කිරීමට තවත් රැකියා දස දහස් ගණනක් අලුතින් උත්පාදනය කළ යුතු බව ආර්ථික විද්‍යාඥයින් පවසනවා.
පොලී අනුපාතිකය ඉහළ යෑම සහ සමාගම් ආර්ථික කඩා වැටීමත් සමග බොහෝ රැකියා අවස්ථා කප්පාදු කිරීම මෙන්ම අහිමිවීම සිදුව ඇති අතර මේ හේතුවෙන් පවුල් ඒකක දැඩි ආර්ථික අර්බුධයන්ට මුහුණ දී ඇති බව සඳහන්.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශ දත්ත අනුව පසුගිය කාර්තුවේ ඔස්ට්‍රේලියානු ආර්ථිකය සියයට 0.2කින් වර්ධනය වුව ද එහි කැපී වාසි තත්වයන් ජනතාවට අත්නොවුන බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
දැනට පවතින ජීවන වියදම පාලනය සඳහා නව පුරප්පාඩු දහස් ගණන් බිහිකිරීමට සිදුවන බව ද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
ඔස්ට්‍රේලියා සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත අනුව ජනගහනයේ වර්ධනයත් සමග සංක්‍රමණය, අපනයනය සහ රජයේ වියදම් ආදිය මෙරට ආර්ථිකය සෘජුව බලපෑම් කරන බව සඳහන්.
පසුගිය මාස 12ක කාලසීමාව තුළ ඔස්ට්‍රේලියාවේ ඉතා ශක්තිමත් ජනගහන වර්ධනයක් පෙන්නුම් කිරීම සඳහා සංක්‍රමණිකයින් ගේ පැමිණිම ද වැදගත් වූ බවයි වාර්තා වන්නේ.
ආර්ථික වර්ධනන මන්දගාමී මුහුණුවරක් ගැනීම සදහා ෆෙඩරල් සංචිත බැංකුව 13 වතාවක් බැංකු පොලී අනුපාතිකය ඉහළ දැමීම බලපා ඇති බව ද සංඛ්‍යාලේඛන කාර්යාංශ දත්ත අනුව පෙනී යනවා.
නිවාස අර්බුදය මෙරට ජීවන වියදම කෙරෙහි බලපෑම් සහගත කරුණක් වන අතර එම අර්බුධය යම්තාක් හෝ සමනය කර ගැනීම සදහා වසර පහක් තුළ නිවාස මිලියන 1.2 ක් ඉදි කළ යුතු බවටයි ප්‍රකාශ වී ඇත්තේ.