Search

මල් කැකුළු 60කට වැඩි ප්‍රමාණයක් තැලූ ගුරුවරයාට වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාථමික රජයේ පාසැල් තුළ සිදු කළ විමර්ශනයකින් පසු ළමා ලිංගික අපයෝජන සිදුවීම් රැසකට සම්බන්ධ පාසැල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගුරුවරයා ළමා අපචාර සිදුවීම් 60කට පමණ සම්බන්ධ පුද්ගලයෙකු බවයි විමර්ශණවලදී හඳුනාගෙන ඇත්තේ.

සැකකරා ගුරුවරයා වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ පාසැල්වල ළමා ලිංගික අධ්‍යාපන විෂය උගන්වනු ලබන ගුරුවරයෙකු බව ද සඳහන්.

විමර්ශන මණ්ඩලයක් විසින් මෙම පරීක්ෂණය සිදු කර ඇති අතර සැකකාර ගුරුවරයාට සමාජය ඉදිරියේ සමාව ඉල්ලා සිටීමට ද නියෝග කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසැල්වල ළමා ලිංගික අපයෝජන සම්බන්ධ සිදුවීම් පාසැල් 23කින් හමුවු බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධ විමර්ශණ පසුගිය මාසයේදී අවසන් වූ අතර එහි වාර්තාවක් එළඹෙන පාර්ලිමේන්තුවාරයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විමර්ශන මණ්ඩලය පවසනවා.

එම වාර්තාවට නිර්දේශ 9ක් ඇතුලත් වන අතර අපයෝජන සිදුවීම්වලට සම්බන්ධ ගුරුවරුන් අගතියට පත් දරුවන්ගේ දෙමාපියන් සමග එක්ව පාසැල් පරිශ්‍රයේ ස්මාරකයක් ඉදි කළ යුතු එම නිර්දේශවලට අයත්.

ලිංගික අපයෝජනයන්ට සම්බන්ධ වැරදිකරුවන් සඳහා මෙවැනි නිර්දේශයක් ලබාදුන් පළමු අවස්ථාව මෙය වන අතර සැකකාර ගුරුවරුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතු බවට ද නිර්දේශ ඇතුලත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »