සති අන්තයේ අවදානම් තත්ත්වයක් ගැන දකුණු ඔස්ට්‍රේලියාවේ ජනතාවට අනතුරු ඇඟවීමක්

ඇඩිලේඩ් නගරයට මෙම සති අන්තයේ ඇති විය හැකි දැඩි තාප තරංගයක් පිළිබඳ සෞඛ්‍ය සහ ආරක්ෂක බලධාරීන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

දකුණු ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවලට අද සිට අඛණ්ඩව දින පහක් අංශක 35ට වඩා වැඩි උෂ්ණත්වයක් පවතිනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

කාලගුණ විද්‍යා කාර්යාංශයට අනුව පුරෝකථනය කරන ලද මෙම තාප තරංගය වසර හතරක වාර්තාවක් බිඳ දමනු ඇතැයි අපේක්ෂිතයි.

මේ අනුව අද සිට දකුණු ඕස්ට්‍රේලියාවේ ෂ්ණත්වය සාමාන්‍යයට වඩා අංශක 10ක් හෝ 15ක් පමණ දක්වා ඉහළ යනු ඇති.

බලධාරීන් ජනතාවට උපදෙස් ලබාදී ඇත්තේ අධික රස්නය පවතින විට ද වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියා විරහිත කර මුදල් ඉතිරි කර ගැනීමට උත්සාහ නොකරන ලෙසටයි.

කාලගුණ විද්‍යාඥ ජොනතන් ෆිෂර් පැවසුවේ වසරේ මෙම කාලය මෙතරම් දීර්ඝ කාලයක් උණුසුම පැවතීම අසාමාන්‍ය බවයි.

අධික උෂ්ණත්වය පවතින කාලය තුළ විදුලිය ඉතිරි කර ගැනීමට උත්සාහ නොකරන ලෙස ද බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින අතර රාත්‍රියේදී නිවසේ සිසිල්ම කොටසේ නිදා ගැනීම පිළිබඳ අවධානය යොමු කරන ලෙසට ද දැනුම් දෙනවා.

උෂ්ණත්වය හමුවේ ජලය පානය කළ යුතු අතර මත්පැන් සහ කැෆේන් පානය අවම කරන ලෙසටයි උපදෙස් වී ඇත්තේ.

ළදරුවන්ට, ළමයින්ට, ගැබිනි කාන්තාවන්ට සහ වැඩිහිටි පුද්ගලයින් සඳහා වැඩි අවදානමක් පවතින බවින් ඔවුන් ගැන පරීක්ෂාවෙන් පසුවිය යුතු අතර ඔවුන්ට පානය කිරීමට ප්‍රමාණවත් තරම් ජලය ඇති බවට වග බලා ගන්නා ලෙසට ද දැනුම් දී තිබෙනවා.

දකුණු ඔස්ට්‍රේලියා බලධාරීන් පැවසුවේ තාප තරංගයේදී සුරතල් සතුන් ආරක්ෂිතව තබා ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙසටයි.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »