2030 වසර වන විට කරන දෙයක් ගැන විපක්ෂ නායකගෙන් පොරොන්දුවක්

තමන් බලයට පත් වුව හොත් 2030 වසර වන විට ඔස්ට්‍රේලියාවේ පළමු මහා පරිමාණ න්‍යෂ්ටික බලාගාරය ආරම්භ කරන බව විපක්ෂ නායක පීටර් ඩට්න් පවසනවා.

වර්තමානයේ පවතින පැරණි ගල් අඟුරු බලාගාර වෙනුවට න්‍යාෂ්ටික බලාගාර යොදා ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ සන්ධානය මේ වන විට යෝජනා ඉදිරිපත් කර ඇති බව ද සඳහන්.

කෙසේ වෙතත් මෙම යෝජනා ලේබර් රජයේ විවේචනයට ලක්ව ඇති අතර ඔවුන් පවසන්නේ මෙය වියදම් අධික ක්‍රමවේදයක් බවයි.

පැරණි ගල් අඟුරු බලාගාර ඇති ස්ථානවල විශාල න්‍යෂ්ටික බලාගාර ඉදි කිරීම ඉතා මිල අධික බවත් එය ක්‍රියාත්මක කිරීමට දශකයකට වඩා වැඩි කාලයක් ගතවනු ඇති බව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පෙන්වා දී තිබෙනවා.

ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය එක්ව ක්‍රියාත්මක කරන න්‍යෂ්ටික සබ්මැරීන ව්‍යාපෘතිය මගින් ඔස්ට්‍රේලියාවට මහා පරිමාණ න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමේ හැකියාව පවතින බවයි විපක්ෂ නායකවරයා කියාසිටියේ.

සුළං සහ සූර්ය බලාගාරවලින් පුනර්ජනනීය බලශක්තිය සම්ප්‍රේෂණය කිරීම කෙරෙහිද විපක්ෂ නායක පීටර් ඩට්න්ගේ අවධානය යොමුව තිබෙනවා.

සංවර්ධිත රටවල්වල නවීන න්‍යෂ්ටික බලාගාර තාක්ෂණික ක්‍රමවේද උපයෝගි කර ගනිමින් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගත හැකි අතර පරිසර ආරක්ෂණයට මුල් තැන දෙමින් කටයුතු කිරීමට තමන් සූදානම් බවයි පීටර් ඩට්න් අවධාරණය කර ඇත්තේ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »