ධුරයෙන් නෙරපා හැරීම ගැන හිටපු ජනපති ගෝඨාභයගෙන් පොතක්

ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයෙන් තමා නෙරපා හැරීමට හේතු වූ විරෝධතා පිළිබඳ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රචිත පොතක් අද එළිදැක්වීමට නියමිත බව වාර්තා වනවා.

සිය නිල ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව විදේශිකයන්ට ද වැදගත් වන මෙම කෘතිය අද සිට ප්‍රමුඛ පෙළේ පොත් අලෙවිසැල්වලින් සිංහල ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ලබාගත හැකි බවයි.

2009 වසරේදී යුද්ධය ජයග්‍රහණය කළ අවස්ථාවේ සිට ශ්‍රී ලංකාවට එරෙහිව විදේශීය මැදිහත්වීම් උත්සන්න වූ බවයි ඔහු සිය සටහන මගින් ප්‍රකාශ කර ඇත්තේ.

2019 වසරේ නොවැම්බර් මාසයේ දී ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ මොහොතේ සිටම ඇතැම් දේශීය සහ විදේශීය පාර්ශව තමා බලයෙන් පහ කිරීමට මාන බලමින් සිටි බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම තමා ජනාධිපති ලෙස බලයේ සිටි අවුරුදු දෙක හමාරක පමණ කාලය ශ්‍රී ලංකාව සහ මුළු ලෝකය පුරා පැතිර ගිය කෝවිඩ්-19 වසංගතය පාලනය කිරීමට ගත වූ බව ඔහු පෙන්වා දෙනවා.

කුමන්ත්‍රණකාරී බලවේග තමා ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමේ ව්‍යාපාරය 2022 වසරේ මාර්තු අග දී ආරම්භ කළේ එම වසංගතය පාලනය කර එන්නත් ව්‍යාපාරය සම්පූර්ණ කර ආර්ථිකය ද නැවත යථා තත්ත්වයට පත් වෙමින් තිබූ අවස්ථාවකදී බවයි ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ.

තමා ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමේ දේශපාලන ව්‍යාපාරය මැතිවරණ ප්‍රතිඵල මත සාමකාමී බල හුවමාරු පමණක් අත්විඳ තිබූ ශ්‍රී ලංකාවේ දේශපාලනයට නව මානයක් එක් කර ඇතැයි ඔහු සිය සටහන මගින් ප්‍රකාශ කළා.

මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ ජාත්‍යන්තර අනුග්‍රහය සහිත පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමක් පිළිබඳ ඍජු අත්දැකීමක් බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

එබැවින් මෙම කෘතිය ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව විදේශිකයන්ට ද වැදගත් වනු ඇතැයි තමා විශ්වාස කරන බව ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.

පොලිසියෙන් බව කියන දුරකථන ඇමතුමක් ගැන NSW ජනතාවට උපදෙසක්

නිව් සවුත්වේල්ස් පොලිස් ස්ථානයෙන් යැයි පවසමින් ලැබෙන ව්‍යාජ දුරකථන ඇමතුමක් පිළිබඳ ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා

Read More »

මෙල්බන් සහ සිඩ්නි අවට අඩු මුදලට නිවසක් සොයන අයට පණිවුඩයක්

සතියකට ඩොලර් 350 කට හෝ ඊට අඩු මුදලකට කුලියට ගත හැකි කුලී දේපල සහිත ප්‍රදේශ කිහිපයක් සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ටෙලියාවේ රැකියා කරන අයට බදු කාර්යාලයෙන් දැනුම්දීමක්

තම superannuation හැකි සෑම අවස්ථාවකම පරීක්ෂා කර බලන ලෙසට ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වූවන්ගෙන් බදු කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියානුවන් දහස් ගණනකගේ පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරකයෙකුගේ අතට

වික්ටෝරියා ප්‍රාන්ත පරිසර ආරක්ෂණ අධිකාරියේ (EPA) බාහිර සම්බන්ධතා මධ්‍යස්ථානයේ පරිගණක පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් විශාල පිරිසකගේ පුද්ගලික දත්ත වෙනත් පාර්ශවයක් විසින් ලබාගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »