නිවාඩු ලබාගන්නා ඔස්ට්‍රේලියානුවන්ට දීමනාවක්

මාතෘ සහ පීතෘ නිවාඩු ලබා ගන්නා ඔස්ට්‍රේලියානුවන් සඳහා සුපර්ඇනුඒශන් (Superannuation) දීමනා ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබෙනවා.

මෙම දීමනාව 2025 වසරේ ජූලි 01 වනදා සිට ක්‍රියාත්මක කරන අතර මෙය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ආරක්ෂා කර දීමේ ලේබර් රජයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් ලෙසටයි සැලකෙන්නේ.

මෙලෙස මාතෘ සහ පීතෘ නිවාඩු ලබා ගන්නා දෙමාපියන් සඳහා අමතර සියයට 12ක් තම සුපර්ඇනුඒශන් (Superannuation) අරමුදලට එකතු වන බව සඳහන්.

එසේත් නොමැති නම් සතිපතා ඩොලර් 106ක දීමනාවක් ලබා ගැනීමට ද ප්‍රසූත නිවාඩු ලබා ගන්නා දෙමාපියන්ට අවස්ථාව හිමිවනු ඇති.

සෑම වසරකම අවම වශයෙන් පවුල් 18000ක් පමණ මෙලෙස මාතෘ සහ පීතෘ නිවාඩු නිවාඩු ලබා ගැනීම සිදු කරන අතර ප්‍රසූත නිවාඩු මෙතෙක් කාන්තා පාර්ශවය සඳහා අනිවාර්ය අංගයක් වුවද වත්මන් ඔස්ට්‍රේලියානු පියවරුන්ට ද එය ලබා ගත හැකිවීම විශේෂත්වයක්.

මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට ෆෙඩරල් අයවැය සඳහා වසරකට අවම වශයෙන් ඩොලර් මිලියන 250ක් වැය වනු ඇතැයි අපේක්ෂා කරන අතර ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇති කිරීම මෙහි එක් අරමුණක් බව සඳහන්.

මෙම යෝජනාව ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇති කිරීමට ලබා දූන් මංගල අවස්ථාව ලෙස විචාරකයින් පෙන්වා දී තිබෙනවා.

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »