රජයේ ප්‍රතිපත්ති නිසා ඔස්ට්‍රේලියාවේ මෝටර් රථ වෙළඳපොලට සිදුවෙන දේ

නිෂ්පාදනවල ප්‍රතිසංස්කරණයකින් තොරව කාබන් විමෝචන ඉලක්ක සපුරාලීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන මෝටර් රථ සන්නාම අසමත් වනු ඇති බව වෙළඳපල දත්ත අනාවරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම මෝටර් රථ සන්නාමවලින් අඩක් පමණ රජය විසින් සැලසුම් කර ඇති වාහන විමෝචන නීතිවලට අනුව නොගැලපෙන බවටයි පුද්ගලික මෝටර් රථ වෙළෙඳපොළ දත්ත අනාවරණය කර ඇත්තේ.

ෆෙඩරල් රජයට අවශ්‍ය වී ඇත්තේ මෝටර් රථ නිෂ්පාදකයින් මත විමෝචන සීමා පනවන නීති හඳුන්වා දීම වන අතර ඒ අනුව එම සමාගම් අදාළ සීමාව ඉක්මවා ගියහොත් දඩයක් ගෙවීමට සිදු වනු ඇති.

ඔස්ට්‍රේලියාව කාබන් විමෝචන ප්‍රතිපත්තියක් හඳුන්වාදීමේදී අනෙකුත් රටවලට වඩා පිටුපසින් සිටින අතර 2028 වසර වන විට එක්සත් ජනපදය වැනි ප්‍රතිපත්ති සකස් කිරීමටයි රජයට අවශ්‍ය වී ඇත්තේ.

එක්සත් ජනපදයේ ජෙනරල් මෝටර්ස් හි විමෝචන අනුකූලතා අධ්‍යක්ෂවරිය වූ බාබරා කිස් පැවසුවේ මෝටර් රථ නිෂ්පාදකයින් ලබන වසර සඳහා ඔවුන්ගේ සැලසුම් දැනටමත් සකසා ඇති බවයි.

මීළඟ වසර සඳහා විමෝචන ඉලක්ක සපුරාලීමට නම් මෝටර් රථ සමාගම්වලට දැනටමත් ඒ සම්බන්ධයෙන් යෝජනා කර තිබිය යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ.

විමෝචන නීති දැඩි කිරීමත් සමඟ, එක්සත් ජනපදයේ මෝටර් රථයක සාමාන්‍ය මිල 2012 දී පැවති ඩොලර් 30,500 සිට 2022 දී ඩොලර් 48,100 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ මෝටර් රථ වෙළඳ සංගමය පවසන්නේ රජයට එක්සත් ජනපදය සමඟ විමෝචන ඉලක්ක අනුගමනය කිරීමට අවශ්‍ය නම් එම වැඩසටහන් එක්සත් ජනපද මෝටර් රථ වෙළඳපොළට ලබා දිය යුතු බවයි.

2035 වසර වන විට අලෙවි කරන මෝටර් රථවලින් අඩක් පමණ විද්‍යුත් වාහන විය යුතු බවට ඔස්ට්‍රේලියාවේ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අපේක්ෂාව වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »