දර හොයන්න ගිය කාන්තාවන් 200ක් කැරළිකරුවන් රැගෙන යයි

ඊසානදිග නයිජීරියාවේ බොකෝ හරාම් සන්නද්ධ ක්‍රියාකාරීන් විසින් අවතැන් වූ කාන්තාවන් විශාල පිරිසක් පැහැරගෙන ගොස් තිබෙනවා.

බොහෝ දුරට මෙම පැහැරගැනීමට ලක්වී ඇත්තේ කැරලිකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් තම නිවෙස්වලින් පලා ගොස් නගරයේ කඳවුරක ජීවත් වූ කාන්තාවන් බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

මෙම කාන්තාවන් පිරිස ආහාර පිසීමට හෝ අලෙවි කිරීමට දර එකතු කිරීමට ගිය අවස්ථාවේදී පැහැරගැනීම් සිදුව ඇති බව හෙළිවී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පැහැරගැනීම් හෙළා දැක ඇති අතර ඔවුන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසට ඉල්ලා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ නේවාසික සහ මානුෂීය සම්බන්ධීකාරක මොහොමඩ් මලික් ෆෝල් පැවසුවේ, නිශ්චිත සංඛ්‍යාව නොදන්නා නමුත් පුද්ගලයන් 200 කට වැඩි පිරිසක් පැහැරගෙන ගොස් ඇති බවයි.

මෙම පැහැර ගැනීම් සිදු වන්නේ බොකෝ හරාම් සටන්කාමීන්ගෙන් 95% ක් මිය ගොස් හෝ යටත් වී ඇති බව බෝර්නෝ ප්‍රාන්ත රජය ප්‍රකාශ කර ඇති අවස්ථාවක වීම විශේෂත්වයක්.

බොකෝ හරාම් කණ්ඩායම් විසින් මීට පෙර සිදු කරන ලද මෙවැනි විශාලතම සමූහ පැහැර ගැනීම සිදු වූයේ 2014 වසරේදී චිබොක් නගරයේ පිහිටි නේවාසිකාගාරයකින් පාසල් සිසුවියන් 270කට වැඩි පිරිසක් පැහැරගෙන යාමයි.

උතුරු නයිජීරියාවේ 2009 වසරේ සිට ගැටුම් පවතින අතර, 40,000 කට වැඩි පිරිසක් මිය ගොස් මිලියන දෙකකට නිවාසවලින් පලා යාමට සිදු වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »