
සිසිල් බීම මගින් හෘදයාබාධ ඇතිවීමේ අවදානම සියයට 20කින් ඉහළ නැංවිය හැකි බව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.
මෙලෙස සිසිල් බීම සදහා ඇබ්බැහිවූවන්ගේ අක්‍රමවත් හෘද ස්පන්දනය වීමේ අවදානම ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කෘතිම පැණි බීම සතියකට ලීටර් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පානය කරන පුද්ගලයින් හා එලෙස පානය නොකරන පුද්ගලයින් පිළිබද සිදු කළ අධ්‍යයනයකදී මේ බව හෙළිව තිබෙනවා.

එසේම ඒ හා සමාන සීනි එකතු කරන ලද පාන වර්ග පානය කිරීමෙන් ඇතිවන අවදානම සියයට 10 කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.
තැඹිලි හෝ එළවළු යුෂ වැනි පිරිසිදු, සිනි එක් නොකළ පාන වර්ග භාවිතයෙන් හෘදයාබාධ ඇතිවීමේ අවදානම සියයට 8කින් අඩු කළ හැකි බව ද තහවුරු වී තිබෙනවා.

මේ අතර 2017 වසරේ සිදුකළ අධ්‍යයනයකින් හෙළි වූයේ යුරෝපීය සම්භවයක් ඇති පුද්ගලයින්ට මෙම තත්ත්වය උරුම වීමේ අවදානම සියයට 22ක් පමණ වන බවයි.
පරිභෝජනය සඳහා හොදම පානය ජලය වන අතර සිසිල් බීම පානය කරන්නන්ට සිදුවන අතුරු ආබාධ ඉහළ යෑම වැලැක්විය නොහැකි බව ඇමරිකානු හෘද සංගමයේ පෝෂණ කමිටු සාමාජිකයෙකු වන ක්‍රිස්-ඊතර්ටන් සඳහන් කළා.