සුරතල් සතුන්ට ආදරය කරන ගුවන් මගීන්ට මහඟු අවස්ථාවක්

වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවය තම ගුවන් යානාවලට සුරතල් සතුන් ගෙන ඒමට අවසර ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

නව සැලැස්මක් යටතේ මගීන්ට තම සුරතල් සතුන් සමඟ ගුවන් යානයට පැමිණිය හැකි බවයි වර්ජින් ඔස්ට්‍රේලියා සමාගම ප්‍රකාශ කර ඇත්තේ.

නියාමන අනුමැතියෙන් පසු මාස 12ක් ඇතුළත මෙය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව පවසමින් ගුවන් සමාගම අද සිය නව ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අනුව යුනයිටඩ් එයාර්ලයින්ස් සහ එයාර් කැනඩා වැනි උතුරු ඇමරිකානු ගුවන් සමාගම්වලට පසු සුරතල් සතුන් රැගෙන යාමට අවසර දෙන ගුවන් සේවය වර්ජින් ඔස්ට්‍රේලියා වනු ඇති.

සතුන් රැගෙන යාමේදී සීමිත ආසන ගණනකට සීමා කෙරෙන අතර ඔවුන්ට නිදහසේ සැරිසැරීමට හෝ උකුලේ රැගෙන යාමට අවසර හිමි වන්නේ නැහැ.

අනුමැතිය හිමි වූ සුරතල් සතුන් රැගෙන යන හිමිකරු පියාසර කාලය තුළ එම සත්වයා රැගත් කූඩුව තමා ඉදිරිපිට ආසනය යට රැගෙන යාමට ද සිදුවනවා.

වර්ජින් ඔස්ට්‍රේලියා සමාගම සඳහන් කළේ මෙය සාමාන්‍යයෙන් විදේශයන්හි ද සිදුවන ක්‍රමවේදය වන අතර එය හොඳින් ක්‍රියාත්මක වන බව ඔප්පු වී ඇති බවයි.

සුරතල් සතෙකු රැගෙන ඒමේ ගාස්තුව සහ සේවාව ලබා ගත හැකි ක්‍රමවේද පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි.

සුරතල් සතුන් සඳහා වන නව සේවාව තුළින් අනුමත කෙරෙන සතුන් පිළිබඳ ප්‍රතිපත්තිය වෙනස් නොකරන අතර සුරතල් සතුන් තවමත් ගුවන් භාණ්ඩ ලෙස රැගෙන යාමටද අවසර පවතිනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »