මෙල්බන් පදිංචි දෙදෙනෙකුට සෑම මාසයකම අත්වන ඉරණම

සෑම මාසයකම මෙල්බර්න්හි පදිංචිකරුවන් දෙදෙනෙකු හෙරොයින් අධික ලෙස පානය කිරීම හේතුවෙන් මරණයට පත්වන බව නවතම දත්ත මගින් අනාවරණය වී තිබෙනවා.

මේ පිළිබඳ හෙළිවී ඇත්තේ වික්ටෝරියා රජය විසින් නිකුත් කළ වාර්තාවක ඇතුලත් කරුණු අනුවයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ හිටපු ප්‍රධාන පොලිස් නිලධාරි කෙන් ලේගේ නායකත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව ඊයේ දිනය වන විට රජයට භාර දිය යුතු බවට ව්‍යවස්ථාදායක සභාව පසුගිය මාසයේ යෝජනාවක් සම්මත කර ගෙන තිබුණා.

වාර්තාව භාරදීම ප්‍රමාද කිරීමට ද යෝජනා වූ අතර එම තීරණය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයට චෝදනා ද එල්ලවී තිබෙනවා.

වාර්තාවේ දැක්වෙන්නේ 2022 වසරේදී වික්ටෝරියා ප්‍රාන්තයේ අධික මාත්‍රාවකින් මත්ද්‍රව්‍ය ගත් පුද්ගලයින් 230 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

මිය ගිය එම වික්ටෝරියානුවන් 230න් 24ක්ම මෙල්බන්හි පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.

2024 වසරේදීත් මෙලෙස පුද්ගලයන්ට මරණයට පත්වීමට අවස්ථාව ලබාදිය නොහැකි අතර ඒ සඳහා කඩිනම් විසඳුම් සෙවිය යුතු බවයි ප්‍රකාශ වි ඇත්තේ.

ඔවුන් වෙනුවෙන් උතුරු රිච්මන්ඩ් ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති එන්නත් කාමරය වැනි සේවාවක් මෙල්බන් නුවර ද ස්ථාපිත කිරීමට වහාම පියවර ගත යුතු බවට ද මත පළවි තිබෙනවා.

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් කිහිපයක්

අද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාවක් සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

Read More »