ඔස්ට්‍රේලියාවේ ජානමය වශයෙන් වෙනස් කළ කෙසෙල් අවසාන බාධකය අසල

විනාශකාරී දිලීර රෝගයක තර්ජනයෙන් කර්මාන්තය ආරක්ෂා කිරීම වෙනුවෙන් ජානමය වශයෙන් වෙනස් කරන ලද කෙසෙල් වාණිජමය භාවිතය සඳහා අවසාන අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටිනවා.

පැනමා රෝගය ලෙස හැඳින්වෙන දිලීරයකට ප්‍රතිරෝධය දැක්වීම සඳහා නවීකරණය කරන ලද කෙසෙල් සඳහා අවසර ඉල්ලා ක්වින්ස්ලන්ඩ් යුනිවර්සිටි ඔෆ් ටෙක්නොලජි (Queensland University of Technology) විසින් යොමු කළ අයදුම්පතකට පසුගියදා අනුමතිය හිමි වී තිබුණා.

මෙය ඔස්ට්‍රේලියාවේ අනුමත කරන ලද ජානමය වශයෙන් වෙනස් කරන ලද පළමු පලතුර වන අතර ලොව පළමු ජානමය වශයෙන් වෙනස් කරන ලද කෙසෙල් ලෙසටයි සැලකෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ආහාර අමාත්‍යවරුන්ට මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් විධිමත් අනුමැතියක් ලබා දීමට හෝ සමාලෝචනයක් ඉල්ලා සිටීමට අප්‍රේල් මැද දක්වා කාලය පවතිනවා.

ඔවුන් සමාලෝචනයක් ඉල්ලා නොසිටින්නේ නම්, ඔස්ට්‍රේලියාවේ ආහාර ප්‍රමිති සංග්‍රහය මගින් මෙම කෙසෙල් අලෙවියට අවසර ලබා දෙනු ඇති.

පැනමා රෝගය යනු කෙසෙල් පැල මැලවී මිය යාමට හේතු වන අතර ලොව පුරා කෙසෙල් කර්මාන්තයට එය දැඩි තර්ජනයක්ව පවතිනවා.

පැනමා රෝගය දැනට ඔස්ට්‍රේලියාවේ ද පවතින අතර එය කළමනාකරණය කර ඇති බැවින් ජානමය වශයෙන් වෙනස් කරන ලද ආහාර අලෙවියට කිසිදු සැලසුමක් නොමැති බවටයි ප්‍රකාශ කෙරෙන්නේ.

ජානමය වශයෙන් වෙනස් කරන ලද පලතුරු අලෙවි කරන්නේ නම්, එය ලේබල් කිරීම ද අවශ්‍ය වනවා.

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »