මීට මාසයකට පමණ පෙර අතුරුදහන් වූ සමන්තා මර්ෆි නම් තිදරු මවගේ සිද්ධිය සම්බන්ධයෙන් බැලරට් ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බැලරට්හි නැගෙනහිර පදිංචි 51 හැවිරිදි තිදරු මවක් වන මෙම කාන්තාව පසුගිය පෙබරවාරි 4 වැනිදා ව්‍යායාම් සඳහා යුරේකා වීදියේ පිහිටි නිවසින් පිටත්ව යාමෙන් අනතුරුව මෙතෙක් තොරතුරක් වාර්තා වී නැහැ;
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 22 හැවිරිදි තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට මෙතෙක් චෝදනා එල්ල කර නොමැති බව පොලීසිය ප්‍රකාශ කළා.
තම නිවසේ සිටියදී අත්අඩංගුවට ගත් තරුණයා අතුරුදන් වූ කාන්තාවගේ පවුලට ද කිසිදු සම්බන්ධ නොමැති අයෙක් බව සඳහන්.
කාන්තාව අතුරුදන් වූ ප්‍රදේශය අවට වනාන්තරයේ සැලකිය යුතු පරීක්ෂණයක් සහ පුළුල් සෝදිසි කිරීම් සිදු කළ ද කිසිදු හෝඩුවාවක් හමුවී නැහැ.
පසුගිය මාසයේදී පොලිසිය පැවසුවේ සමන්තා මර්ෆි තවමත් ජීවතුන් අතර සිටිනු ඇතැයි විශ්වාස කළ නොහැකි අතර ඇය වෙනත් ප්‍රදේශයකට පැහැරගෙන යන්නට ඇතැයි සැක කෙරෙන බවයි.
මර්ෆිගේ දුරකථනය, ඔරලෝසුව සහ හෙඩ්ෆෝන් තවමත් සොයාගෙන නොමැති අතර පොලිසිය පැවසුවේ උදෑසන 7 ට පමණ නිවසින් පිටව ගොස් පැයකට පමණ පසු මවුන්ට් ක්ලියර් ප්‍රදේශයට ඇය පැමිණි බවට විශ්වාස කරන බවයි.
මෙම සිද්ධියට අදාළව CCTV හෝ dashcam දර්ශන ඇති සහ මෙතෙක් පොලිසියට තොරතුරු ලබා නොදුන් ඕනෑම අයෙකුට ඉදිරිපත් වන ලෙසටයි පොලිසිය ඉල්ලා සිටින්නේ.