ඔබටත් තියෙන්නේ BMW මෝටර් රථයක් නම් මේ පුවත වැදගත් වෙයි

තිරිංග පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ අලෙවි වූ BMW මාදිලියේ මෝටර් රථ 7000ක් පමණ ආපසු කැඳවීමට සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මෙලෙස කැදවා ඇත්තේ 2022 සහ 2023 අතර නිකුත් කරන ලද 520i, 740i, i5, i7, iX1, X1, X5, X6, X7 සහ XM යන BMW මාදිලි කිහිපයක්.

තිරිංග දෝෂ හේතුවෙන් නිසි පරිදි සංඥා නිකුත් කිරීමේ ගැටලු ඇතිවන බැවින් තිරිංග පෑගීම සදහා අමතර බලයක් යෙදීමට සිදුවන බවයි පාරිභෝගිකයින් සදහන් කර ඇත්තේ.

ඔස්ට්‍රේලියානු BMW අලෙවි බලධාරීන් සදහන් කලේ ධාවනය අතර තුර වාහනය පාලනය කළ හැකි වුවද දෝෂ හේතුවෙන් සිදුවිය හැකි අනතුරු ඉහළ යාහැකි බවයි.

එමගින් සිදුවිය හැකි මාර්ග අනතුරු සංඛ්‍යාව ද ඉහළ යෑම සහ ජීවිත අවදානම හේතුවෙන් මෙලෙස වාහන නැවත කැදවීමටයි සමාගම් බලධාරීන් පියවරගෙන ඇත්තේ.

දෝෂයන්ට ලක්වූ වාහන සම්බන්ධයෙන් දැනටමත් එම වාහන මිලදී ගත් පාරිභෝගිකයින්ට දැනුම්දී තිබෙනවා.

එසේම බලපෑමට ලක්වූ වාහන කිසිදු වියදමකින් තොරව අලුත්වැඩියා කටයුතු සිදුකර ගැනීමට අවස්ථාව පාරිභෝගිකයින්ට හිමිවන අතර BMW ඔස්ට්‍රේලියා ආයතනය හා සම්බන්ධවන්නැයි උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »